"වතුර"
"වතුර බෝතලේ ඇරගෙන බොන්න බැරි කමක් නෑනෙ."
"අප්පා...මෙයාගෙ ගණන්..දැන් ඉතින් එස් අකුරක් ඉන්නවනෙ එක්කෙනෙක්ට..ඒකයි අපිව පැත්තකට කරලා තියෙන්නෙ නේද යුකී.."
මන් මල්ලෙ දාලා තිබ්බ යුකීවත් හොල්ල හොල්ල එහෙම කිව්වම මෝක්ශ මටත් ගස්සගෙන පිඟාන සෝදන් එන්න ගියා.
රෑට පාඩම් කරන්න බෙල් එක ගැහුවම මන් පොත් ටිකත් උස්සන් මැදරූම් එකට ගියා.දැං ඉතින් කොපි කරන්න ඕන නෑ මෝක්ශ ව ආයෙත් දැම්මනෙ.නිදහසේ පාඩම් කරන්න ඕන ටර්ම් ටෙස්ට් ගැන නොහිතා.
මිතුනා පැත්තකින් ගුත්තිලේ පෙරළගෙන අතට පිඹ පිඹ ඉද්දී, මායි මෝක්ශයිත් ටයිම් ටේබල් එක දිගෑරගත්තා.
රෑට මැද රූම් එකේ සද්දෙන් පාඩම් කරන්න බැරි නිසාම අපි රෑට දාගත්තෙ පේපර්ස් කරන්න.අපි දෙන්නම එකතු වෙලා සයන්ස් පේපර් එකක් කරන්න පටන් ගත්තා.
"අයීයෝ...අඬන්න එපා..."
"මට තරහ ගිහින් ඉන්නෙ..."
පේපර් එකේ භාගෙට භාගයක්ම කරගෙන යද්දී කරන කරන එක වැරදෙන නිසා තරහටම මට ඇඬුනා.ඇයි අප්පා මේ මගුල් මේවට දාන්නෙ...මට එපා වෙලා ඉන්නේ...මෝක්ශ මට අඬන්න එපා කිය කිය ඉද්දී මන් මේසෙ ඔලුවත් ගහ ගෙන අඬන්න පටන් ගත්තා.
"අහන්නකො මෙතීශ අඬන්න එපා.අපි මේ කොටස හංස ගෙන් අහගමුකො හාද?"
"හ්ම්ම්"
අපි දෙන්නම නැගිටලා හංස ඉන්න තැනට ගිහින් ඒ මුලු කොටසම හංසගෙන් අහ ගත්තා.
වෙනදා වගෙ නෙවෙයි දැන් අපි තුන් දෙනාටත් එක්සෑම් භීතිකාව දැනිලා තියෙන්නෙ.වෙනදා එකොළහ හමාර වෙනකන් නිදි කිරන අපි තුන්දෙනාම අද දොළහ වෙනකම්ම ඉඳල නිදාගන්න ආවා."මෝක්ශ.."
"ම්ම්ම්"
"අපිට එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද?"
"අයියෝ....පුලුවන් බන්..අපි මෝඩයෝ නෙවෙයිනෙ මෙතීශ..ඔයා මෝඩ අලයෙක් වුනාට"
"බූරුවා..තමුසෙ තමයි මෝඩ අලේ..මොට්ටපාල.."
"මන් උම්මා එකක් දෙන්නද."
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)