50

998 208 53
                                    

කාලෙ හිතනවටත් වඩා වේගෙන් ගෙවිලා ගියේ අලුත් ජොබ් එකට ගිහින් මාසයක්ම පහු වෙලා ගිහින් තියෙද්දී.

සමහර වෙලාවට හිතුනා අපි දෙන්නා මොනද මේ ලෝකෙ ගැන දැනගෙන හිටියේ කියලා,මොනාද මිනිස්සු ගැන දැනගෙන හිටියේ කියලා. මිනිස්සු එක්ක හැප්පිලා තෙරපිලාම බලන්න ඕන සමාජෙ කොයි වගේද කියලා.

විවිධාකාර මිනිස්සු ඉන්නවා.පබ් එක කියන්නෙ සමස්ථ සමාජෙම නොවුනත් එක සිතිවිලි තියෙන මිනිස්සු ආවා ගියා ගෑනු පිරිමි භේදයක් නැතුවම.වෙලාවකට පබ් එකේම තිබුන හොටෙල් එකේ, තව වෙලාවකට බාර් එකේ මාරුවෙන් මාරුවට වැඩ කරන්න වුනේ සල්ලි අතට හම්බුනත් නිදහස කියන දේ හොයාගන්නවත් නැති වෙද්දී.

"යමු."

හරියටම පාන්දර එකයි කාලට වැඩ ඉවර කරලා මන් බෑග් එකත් කරේ දාගෙන කිව්වේ ඒ වෙද්දිත් යන්න ලෑස්ති වෙලා මන් එනකන් බලන් හිටිය මෝක්ශට.

වෙන වෙලාවක වගේ නම් පාරදිගේ ඇවිදගෙන යද්දී අපි දෙන්නට කරන්න දෙවල් ගොඩයි..රණ්ඩු වෙන්න,තරහ වෙන්න,ආයෙම යාලු වෙන්න, දුවන්න, ආදරේ කරන්න.. ඒත් දැන් නම් අත්දෙකත් අල්ලගෙන දෙන්නම දඩිබිඩි ගාලා වේගෙන් අඩි තියලා යන්නෙ ගෙදරට ගිහින් නාලා ඇඳට වැටෙන්න.

ආපු ගමන් මන් මඟ දිගට ඇඳුම් ගලව ගලව බාතෲම් එකට දිව්වේ මෝක්ශ එහෙමම පුටුවකට වැටෙද්දී.

සනීපේ.....ඇඟම තෙමාගෙන වතුර ගලාගෙන යද්දී මහ පාන්දර සීතලට කටු අනිනවා වගේ වුනත් දාඩිය හේදිලා යද්දී ඇඟට දැනෙන්නෙ වෙනමම මෙව්වා එකක්.

"මටත් නාන්න ඕන.එහාට යනවා ටිකක්."

"පිස්සුද ? මමනෙ ඉස්සෙල්ලාම ආවේ."

"කමක් නෑ.අපි දෙන්නම නාමු."

"අනේ මෝක්ශ මට ඔයත් එක්ක සෙල්ලම් කර කර ඉන්න තරම් මේකක් නෑ.වදයක් නොවී එළියට යනවකෝ.ආය කියන්නෑ."

ඇයිද මන්දා දවස පුරාවටම මහන්සි වෙලා මහන්සි වෙලා මට මගෙත් එක්කම කේන්ති යනවා..වටේ ඉන්න හැමෝමත් එක්කම කේන්ති යනවා.

මන් මෝක්ශ ව තල්ලු කරලා දාලා දොර ලොක් කරගෙන නා ගත්තේ ඉක්මනට ඇඳට වැටෙන්න ඕන කමට විතරයි.

SOULMATE(Completed)Where stories live. Discover now