එක පාරටම මාව ගැස්සිලා ගිහින් ඇහැරුනාම මන් ඇස් දෙක ඇරලා බැලුවේ තාම රෑද කියලා.
නෑ. පාන්දර හතරයි දහයයි.
මන් හෙමීට මගෙ ඇඟ උඩින් වැටිලා තිබ්බ මෝක්ශගෙ අතත් අයින් කරලා හරියට වාඩිවුනා.මෝක්ශත් සීට් එකටම ඔලුව ගහගෙන නිදාගෙන ඉද්දී මට හිතුනෙම එයාව ඇහැරවන්න.
"මෝක්ශ.."
"මෝක්ශ.."
"අඩෝ.."
තුන් පාරක් විතර කතා කරලා කොහොමහරි නැගිට්ටවගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන කොහෙද මේ වගේ බැල්මකින් හතර වටේ බල බල හිටිය මෝක්ශගෙ කම්මුලකට මන් වටපිට බලලා පොඩි හාදුවක් දුන්නා.
"මොකද බන් පුදුම වෙලා වගේ මගෙ දිහා බලන්නෙ ?"
මෝක්ශ යකෙක් ගහලා වගේ මගෙ දිහා බලන් ඉද්දී මන් ශේප් එකේ ග්ලාස් එකෙන් ලාවට පේන මාවම බැලුවේ නින්දෙන් ඇහැරුන නිසා මන් ගරායකා වගේ වෙලාද කියලා.නෑ...ඔය ඉන්නෙ....පේර ගෙඩිය වගේ..
"තාම රෑද මෙතීශ?"
"දැන් පාන්දර. ගන්නවකො මහලොකු ෆෝන් එක එළියට..මගෙ මේ ඔබන, ඔබන පාරට බොක් බොක් ගගා සද්දයක් එන මඟුල එළියට ගන්න බෑ."
මන් සාක්කුවේ තිබ්බ බට්න් ෆෝන් එකත් ඇරන් එහෙම කියද්දී මෝක්ශ ඔඩොක්කුවේ තිබ්බ බෑග් එක ඇරලා ෆෝන් එක එළියට ගත්තා.
"මිතුනට කතා කරලා බලමු."
මෝක්ශ මිතුනට කෝල් එකක් ගනිද්දී මන් ආයෙත් මගෙ බට්න් ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා එක ඕෆ් කරන්න හැදුවා.එක පාරටම මහ සද්දෙකින් ෆෝන් එක ඕෆ් වෙන්න පටන් ගනිද්දී වටේ පිටේ මිනිස්සු හැමෝම හැරි හැරී බලන්න පටන් ගත්ත නිසා මන් ටක් ගාලා ඒක මෝක්ශගෙ අතට දීලා මොකුත් දන්නැති ගානට ඉස්සරහ බලාගත්තා.
"හෙලෝ..හෙලෝ..මිතුනා.."
"කවුද....."
"හෙලො බන් මේ මම මෝක්ශ."
"ආ...."
"මෝක්ශ බන් මෝක්ශ.."
"අනේ බන් හෙට අහන්නම් උබගෙ දුක.දැන් මන් නින්දේ ඉන්න රත්තරනේ..."
"මිතු.."
මෝක්ශයි මිතුනයි කතා කරද්දී මාත් මෝක්ශගෙ ෆෝන් එකට එක කණක් හේත්තු කරගෙන අහගෙන හිටියා.මේකගෙන් නම් හදිසියකට උදව්වක් ගන්න බෑ.අපිටත් සෙට් වුනොත් සෙට් වෙන්නෙ මේ වගේ උන්නෙ.
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)