""මෙතීශ ...""
තාත්තා සාලෙ ඉඳන් කෑ ගහනවා ඇහෙද්දී ඇඳේ පෙරළිලා කල්පනා කර කර හිටිය මම කඩාගෙන බිඳගෙන සාලෙට දිව්වා.
"මන් මෝක්ශගෙ තාත්තට කතා කරා."
"ඇයි තාත්තා එයාට කතා කරේ.."
"මෝක්ශගෙ අම්මට කියලා වැඩක් නෑනෙ.ඒකයි.එයාගෙ තාත්තා තීරණයක් ගත්තා පුතා.මෝක්ශව රට යවනවලු උගන්නන්න."
තාත්තා කිව්ව දේ නිසා මගෙ කකුල් දෙක පණ නැති වෙලා ගියා වගේ වුනා.
රට.. රට යවන්න ඉගෙන ගන්න..එතකොට..එතකොට...එයා මගෙන් ඈත් වෙනවනෙ ගොඩක්.
"තාත්තා මාත් රට යවන්නකෝ.මාත් ආසයි ඉගෙන ගන්න."
"විකාර කරන්න එපා.පිස්සු නැටුවා ඇතිනෙ.ඌ උගෙ ගමන යයි..තමුන් තමුන්ගෙ ගමන යනවා..අන්තිමට දවසක තේරෙයි කර ගත්ත මෝඩකම් ගැන මේ කාලෙ..ඒ නිසා තමුන්ගෙ ජීවිතේ හරියට හදාගන්නවා."
"ඒ..ඒත් තාත්තා...ඇ..ඇයි..රට යවන්නෙ..ඒ..එයා මොන රටටද යන්නෙ..මෝක්ශ කැමති වෙන්නෑ තාත්තා..කොහොමත්..එයා මාව දාලා යන්නේ...නෑ......"
"පුතා.."
"අනේ අම්මා..මන් ගාව සල්ලි ටිකක් තියෙනවා..අනේ මාවත් යවන්න අම්මා.."
මන් දුවගෙන කාමරේට ඇවිත් දොරත් ලොක් කරලා ෆෝන් එක ඇරන් කෝල් එකක් ගත්තේ මෝක්ශට.
"හෙ..හෙලෝ..මෝක්ශ..ඔ..ඔයා රට යන්නෙ නෑ නේද..ඔයා මාව දාලා යන්නෙ නෑ නේද..ආ මෝක්ශ ..නෑ නේද.."
"අයියෝ බය වෙන්න එපා මන් කිව්වනෙ මන් කොහෙවත්ම යන්නෙ නෑ.."
"ඒකනෙ..මන් බය වුනා..මන් දන්නවා ඔයා මාව දාලා යන්නෙ නෑ කියලා."
"නෑ නෑ..තාත්තා කතා කරා ඔයාලගෙ තාත්තා කතා කරලා කිව්වලු අපි දෙන්නා ගැන.අපෙ තාත්තට තරහ ගිහින් අම්මට ඇරන් කිව්වා රට යවන කතාවක්.. අම්මා කැමති වුනා ඉගෙන ගන්න යවනවයි කිව්ව නිසා.මන් කැමති වුනේ නෑ.. ඒ නිසා බය වෙන්න එපා."
"මාව දාලා යන්නෙ නෑ නේද මෝක්ශ."
"නෑ නෑ බන්..දාලා යන්නෙම නෑ.."
පාන්දර වෙනකන්ම මෝක්ශත් එක්ක කියවලා කියවලා නිදාගෙන පුරුදු විදිහටම උදේ එකොළහට ඇහැරුනා.
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)