22

1.2K 266 83
                                    

"දැන් මොකද කියන්නෙ ?"

"ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්"

         මෝක්ශ මගෙ තොල් දෙක ඇඟිලි වලින් එකට කරලා කතා කර ගන්න බැරි වෙන විදිහට අල්ලගෙන ඉඳලා අතෑරලා දැම්මා.

"ආව්ව්හ්...තමුසෙ නියපොතු කපන් නැද්ද."

"මොකක්ද....මට ඇහෙන්නෑ....."

"රඟ පාන්න එපා බොරුවට ඇහෙන්නෑ වගේ....."

වැස්සෙ සද්දෙත් එක්ක අපි දෙන්නම හයියෙන් කෑ ගගහා කතා කරා.මේකා මේ බොරුවට කෑ ගහන්නෙ.මෙච්චර මේ කනට කරලා කෑ ගහද්දී ඇහෙන් නැද්ද.

"අද කෑ ගැහුවට ඇහෙන්නෙත් නෑ මෙතීශ"

"ඉතින්?"

"ඉතින් අද කවුරුත් එන්නෙත් නෑ"

"මේ මොකද මේ..පිස්සුද එහාට යනවා..කවුරු හරි දැක්කොත් වැරදි විදිහට හිතයි."

මෝක්ශ වැස්ස මැද්දෙම මගෙ අත් දෙකත් අල්ලගෙන හිමීට හිමීට මගෙ පැත්තට නැවෙද්දී මන් පුලුවන් තරම් කබඩ් එක පැත්තට පිට දීලා නැවුනා.මේ යකා එදා වගේ උම්මා එකක් දිලා මාව බය කරන්නද හදන්නෙ.හා...ඒවා හඳේ පුතෝ....මාත් ගැම්මෙන් මූනෙ දිගේ කටට ගලාගෙන ආපු වැහි වතුර තොලත් පෙරළ පෙරළ අයින් කර කර මෝක්ශ දිහා බලාගෙන හිටියා.

මෝක්ශ තව තවත් මගෙ පැත්තට නැවෙද්දී තවත් ගැම්මෙන් ඉන්න බැරි ගතියක් එද්දි අත් දෙක ගලවගන්න හැදුවත් අත් දෙකත් මාංචු දාලා වගේ මෝක්ශගෙ අත් වලට හිරවෙලා තිබ්බා.

දෙයියනේ..මේ ඒකද කරන්න හදන්නෙ..ඒකද දෙන්න හදන්නෙ..මගේ කකුල් දෙකේ ඉඳන් පණ නැති වීගෙන එනවා දැනෙද්දී පපුව එළියට පයින්න තරම් වේගෙකින් ගැහුනා.වෙව්ලන වේගෙ තව ටිකක් වැඩිවුනේ  සීතලටද නැත්නම් මේ දැනෙන අමුතු හැඟීමටද කියලා මටම හිතාගන්න බැරුව යද්දී මෙච්චර කල් ලැජ්ජාවක් බයක් නොදැනුන මගෙ හොඳම යාලුවා ඉස්සරහ අද මට ලැජ්ජාව,බය එක්ක තව කියාගන්න බැරි හැඟීම් ගොඩක් දැනෙන්න පටන් ගත්තා.

මෝක්ශගෙ මූනයි,මගෙ මූනයි මැද්දෙ සෙන්ටිමීටරයක විතර දුරක් තියෙද්දී මන් මෝක්ශ ගෙ ඇස් දිහා බැලුවා.ඒ ඇස් ඒ වෙද්දිත් තිබ්බෙ මගෙ ඇස් දිහා බලාගෙන වෙද්දී තවත් මට ඒ දිහා කෙලින් බලන් ඉන්න බැරි කමක් දැනුන නිසා මන් ඇස් දෙක තද කරලා පියාගත්තා.

SOULMATE(Completed)Where stories live. Discover now