"මෝක්ශ............."
මට ආපු ලැජ්ජාවටයි තරහටයි මන් හයියෙන් කෑ ගැහුවා. මේ යකා නින්දෙන්නෙ මගෙ ඇඟට අතක් දාලා තියෙන්නෙ.ශිහ්හ්...මෝක්ශ උබ මාව මානසික පිස්සෙක් කරලා.
කෑ ගැහුව සද්දෙට මෝක්ශත් ගැස්සිලා ඇහැරගෙන මගෙ දිහා බලන් හිටියා.මෝඩයා තමුසෙ නිසා මන් ලැජ්ජා වුනා..
"ඔය මොකද ඔය ?"
මන් ටීශර්ට් එකත් ගලවගෙන හිටපු නිසා මෝක්ශ එහෙම ඇහුවම මන් ටක් ගාලා ටීශර්ට් එක ඇඳ ගත්තා.
"නිකන් පොඩි රස්නයක් ආවා.දැන් හරි."
"එතකොට කෑ ගැහුවෙ?"
"හීනෙන්."
"හ්ම්ම්"
මෝක්ශ හ්ම්ම් කියාගෙන ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තම මාත් බිත්තිය පැත්ත බලාගෙන ඇස් දෙක පියාගත්තා.
______________________________________
මෙතීශ සස්මිත හා මෝක්ශ මන්සිඳු වන අප දෙදෙනා අතර අද දින සිට ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන බවටත් කිසිදා වෙන්ව නොයන බවටත් ජීවිත කාලය පුරාවට එකට සිටින බවටත් දිවුරා පොරොන්දු වෙමු.
මෙතීශ
මෝක්ශ______________________________________
අපි දෙන්නම පොතකින් කඩා ගත්ත පිටුවක එහෙම ලියලා අත්සනුත් කරලා ඉස්සර ඉඳන්ම වැදගත් ලියකියවිලි කියලා තිබ්බ මගේ ෆයිල් එකට ඒක දාගත්තා.
දැන් හිතට කියාගන්න බැරි සැහැල්ලුවක්,සැනසීමක් දැනෙනවා.
ඒ අස්සෙ හසින්දිගෙන් මැසෙජ් දෙක තුනක්ම එක දිගට එද්දී මන් ෆෝන් එක ඇරන් රිප්ලයි එකක් යැව්වා.
'එයා මට ආදරෙයි කිව්වා.'
එතනින් එහාට හසින්දිගෙ රිප්ලයි එකක් නැති නිසා අද සෙනසුරාදා හන්දා උදේ දහයට තියෙන ක්ලාස් එකට යන්න ලෑස්ති වුනා.
මිතුනටයි,ඔසදයටයි දවල් දොලහට ක්ලාස් එකක් තියෙන නිසා මෝක්ශයි මායි නවයට විතර පාරට ආවා.මෙච්චර උදෙන්ම ගියෙ නැත්නම් ක්ලාස් එකේ හැමදාම අපි ඉන්න තැන අල්ලගන්න වෙන්නෑ.පරක්කු වෙලා ගිහින් දෙනෝදාහක් කොල්ලො කෙල්ලො මැද්දේ කිච වෙනවට වඩා හොඳයි නවය බැරි නම් පාන්දර පහේ ඉඳන් හරි ගිහින් හිටගෙන ඉන්න එක.
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)