🥀 03...

250 55 0
                                    


' මිස්ටර් පාර්ක් ඇවිත් තියෙන්නේ ඔයාගෙ කටහඩ හොයන් හායුන් ' 

ම්. මොකක් මාව.

මට එහෙම සංජනිම්ගෙන් අහන්න ඕන වුණත් මොන හේතුවක් නිසාද කියලා දන්නේ නෑ මගේ කටින් එක වචනයක් පිටවුණේ නෑ.

මන් බයවෙලාද ?

ඔව් මන් හිතන්නෙ මන් ඉන්නෙ බයවෙලා අවුරුද්දක් වගේ කාලයක් මන් හැංගිලා හිටියා ඒත් අද---

' මිස් ඔයා හායුන් නේද? මම හරිනේ'

මිස්ටර් පාර්ක් මගෙන් ඇහුවම මන් කරේ ඔලුව උඩ පහල කරලා "ඔව්" කියලා කිවුව එක.

' ඕ ගෝඩ් අපි ඔයාව කොච්චර හෙව්වද මිස් හායුන් '

මිස්ටර් පාර්ක් එහෙම කිව්වේ හිනාවෙලා වුණත් මේ වෙලෙ හිනාවෙන්න පුළුවන් මානසිකත්වෙක නෙමෙ මන් ඉන්නෙ.

ඇයි මිස්ටර් පාර්ක් මාව හොයන් ආවෙ. එයා ආවෙත් අනිත් අය මාව හොයන හේතුව නිසාද????

ඒත් මිස්ටර් පාර්ක් කියන්නේ කවුද???

හිතේන් මන් මාත් එක්කම වාද කර ගත්තා. 

' මිස් හායුන් මන් දන්නවා ඔයා ඉන්නෙ කලබල වෙලා කියලා. ඒත් ඔයාට කලබලවෙන්නවත් බය වෙනවත්  කිසිම හේතුවක් නෑ. හරි නම් ඔයා මේ වෙලෙ සතුටු වෙන්නයි ඕනේ.'

මගේ මුණෙන් වෙනසක් තේරිලද කොහෙද මිස්ටර් පාර්ක් එහෙම කිවුවා. ඒත් එක්කම මට බැලුණේ සංජනිම් දිහා එයත් මන් එක්ක හිනාවී ගෙන බලන් ඉන්නවා.

' මිස් හායුන් ඔයා දන්නවනෙ ඔයාව ගොඩක් අය හොයනවා කියලා. ඇත්තටම මාත් ආවෙ ඔයාව හොයන්. ඔයාගෙ කටහඩ හොයන්. ඔයාගෙ කටහඩ මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්දයි. ඔයාව කවුරුත් දැකලා නැති වුණත් හැමෝම වගෙ උත්සහා කරන්නේ ඔයාව හොයා ගන්න. ඔයාට මන් කියන දේ තේරෙනවද?'

මන් කරේ මිස්ටර් පාර්ක් කියන හැම එකටම ඔලුව වනපු එක. මොකද එයා කියපු හැමදෙම ඇත්ත. මේ අවුරුද්ද පුරාවටම හැමෝම වගේ මාව හෙව්වා. විශේෂයෙන්ම මගේ කටහඩ. 

' මිස් හායුන් මන් ඔයාව හොයන් ආවෙ ඔයාට යෝජනාවක් කරන්න.මන් හිතනවා ඔයා ඒ යෝජනාවට කැමති වෙයි කියලා.'

MY DIRECTOR <||PJM||> [completed]Where stories live. Discover now