🥀 26....

263 46 18
                                    


තවත් සති දෙකක් ගෙවුනේ මගේ මුළු ජීවිතේම සතුටින් පුරෝලා...

ඈත්තටම මගේ හිතේ තියන සතුට මන් කොහොමද කියන්නේ???? 

එකම ගෙදර කාමර දෙකක නිදාගත්ත අපි දෙන්නා දැන් එකම කාමරෙක නිදාගන්නවා....

ඉස්සර මාව පෙන්න බැරි වුණ ඔප්පා ගෙදර එන්නෙ මාව හොයාගෙන....

ගෙදරින් කෑම නොකන ඔප්පා ඔෆිස් ගිහිං ගෙදර එන්නෙ බඩගිනි කියාගෙන....

ඔය වගේ ලස්සන දවස් දා හතරක් තමයි මන් ගෙව්වෙ...

එදා ඔප්පා මාව එයාගෙ කරගත්ත දවසට පස්සෙ දවසේ උදේ මන් ඇහැරෙනත් කලින් මගේ ඇඳුම් ටික තිබ්බෙ ඔප්පගේ රූම් එකෙ......

පුදුමයි නේද???? මටත් ගොඩක් පුදුමයි... ජීවිතේ මන් හීන මැව්ව විදියටම හැමදෙම වෙනකොට සිතට කියාගන්න බැරි තරම් ලොකු සතුටක් දැනෙනවා.

ඉස්සරට වඩා ලොකු ආදරයක් මට එයාගෙන් දැනෙනවා. මහා ලොකුවට එයාට ආදරේ දෙන්න නොතේරුණත් ඔප්පගෙන් ලැබෙන පොඩි ආදරේ වුණත් මට මහා ගොඩක් දැනුණා.

ඔෆිස් ගිහිං එන ඔප්පා මට මොනම හරි ගෙන්න පුරුදු වුණා. අඩුම චොකලට් එකක් හරි. මන් ඔප්පගෙන් ලැබෙන ඒ පොඩි පොඩි තෑගි වලට ගොඩක් ආදරේ කරා.

වෙනදට කෑම මෙසේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති ඔප්පා දැන් උදේට නොවරදවාම කෑම කනවා දවල්ට එය නැති වුණත් එයා ගෙදර එන්නෙ රෑ කෑම කන්න බලාගෙන.

ඒ වගේම මගේ ජීවිතේ කෙල්ලෙක් අහන්න කැමැති ලස්සනම වචනෙ මන් මේ වෙනකොට අහලා ඉවරයි. ඒ,
.

.

.

.

.

.

.

අම්මා....

ඔව් මන් අම්මා කෙනෙක් වෙන්න යනවා. ඔප්පගෙ ලෙයින් මගේ බඩ ඇතුලේ පුංචි පැටියෙක් ඉන්නවා.

මට.මට කියන්න තේරෙන්නේ නෑ මට දැනෙන සතුට ගැන. හරියටම සති දෙකක් වෙනවා මන් ඒ ගැන දැන ගෙන. ඒත් මන් තාම ඔප්පට මේ ගැන කිව්වේ නෑ.

MY DIRECTOR <||PJM||> [completed]Donde viven las historias. Descúbrelo ahora