🥀 11....

194 45 2
                                    


හරියටම දවස් හතක් ගෙවිලා ගියේ ගොඩක් වේගෙන්.  ගෙවිලා ගිය සතියේ මන් කරෙම ජිමින් සර්ව මග හැරලා හිටිය එක. නොලැබෙන දෙයක් වෙනුවෙන් බලන් ඉන්න එක මෝඩකමක්. ඉස්සර අම්මා ඔය කතාව මට කියලා තිබ්බත් මන් ඒ ගැන වැඩිය ගණන් ගත්තෙ නෑ. මොකද පොඩිකාලෙ ඉදන් මගේ මතේ වුණේ නොලැබෙන දෙයක් තියෙනවනම් අපි කොහොම හරි උත්සහා කරලා ඒ දේ ලබා ගන්න ඔනේ කියලා. ඒත් දැන් මට තේරෙනවා අම්මා කියපු කතාව ඇත්තක් කියලා.

මන් ජිමින් සර්ට ආදරේ කරත් එයා මට ලැබෙන්නේ නෑ. මන් මුල ඉඳලම ඒ දේ තෙරුන් ගෙන හිටියා එයා මට ලැබෙන්නේ නෑ කියලා ඒත් මෙච්චර ඉක්මනටම ඒ තේරුම් ගත්ත දේ වෙයි කියලා මන් හිතුවෙ නෑ. එයයි මායි හරියට අහසයි පොලොවයි වගේ. එහෙම තියෙද්දි මන් එයාට ආදරේ කරපු එක තමයි මන් කරපු ලොකුම වරද. ඒත් මන් ඒ වරදට ගොඩක් ආදරේ කරනවා. කියා ගන්න බැරි තරම්. 

දවස් හතක් තිස්සේ මන් එයාව මගඇරියත් මට එක මොහොතක් ඒ මුණ බලන්නෙ නැතුව ඉන්න බෑ. මොකද මන් ඒ තරමටම ඒ පිරිමි හිතට බැදිලා ගලෝ ගන්න බැරි තරමටම. ඒ නිසාම මම තිරණේ කරා එයා වෙනකෙනෙක්ට අයිති වුණත් දුර ඉදන් හරි ඒ සතුට දිහා බලන් සතුටු වෙන්න. 

අද වැඩ දවසක් වුණත් මන් වැඩට නොගියේ ඊයෙ වෙච්ච දේවල් නිසා. ගිය සතියේ දවසක් නෑර මම දැක්කා ජිමින් සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාව හම්බෙන්න එනවා. ඒ දේ මට ලොකු දුකක් ගෙනවත් ඒ දෙන්නා දෙන්නට දෙන්නා ආදරේ කරන නිසා මන් මගේ දුක යටපත් කරගෙන සතුටු වුණා.

ඒත් ඊයේ සෙලින් ඔන්නි මට කියපු දේවල් එක්ක මට ඔෆිස් යන්න හිතුනෙ නෑ. සෙලින් කියන්නේ ජිමින් සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයා ඊයේ මාව හම්බෙලා මට හොදටම බැන්නා. බයිනේ මොකටදවත් කියලා දන්නේ නැති මම එයා කියන දේවල් අහන් හිටියා. ඒත් එයා කිව්ව එක දෙයක් මගේ හිතට ගොඩක් දැනුණා.

' තමුන් ජිමින්ගේ හිත දිනාගෙන තියෙන්නේ ඔය ඇග දිලද?.'

හැමෝම ඉස්සරහා එයා ඒ විදියට කතා කරණකොට මම ගොඩක් ලොකු අපහසුතාවකටලක් වුණා. මන් දන්නවා ජිමින් සර් කියන්නේ මන් ආදරේ කරන කෙනා. ඒත් එහෙමයි කියලා මන් අර වගෙ පහත් වැඩ කරන්නේ නෑ. ජීවිතේ කවදාවත් හිනෙකින්වත් හිතලා නැති දෙයක් සෙලින් ඔන්නි කියන්කොට මට කියන්න හිතුණා මන් ඒ වගේ පහත් ගෑනියෙක් නෙමෙ කියලා. ඒත් මන් දන්නේ නෑ මොන හේතුවක් නිසාද කියලා මට ඒ වෙලේ මගේ කට ඇරගන්නවත් පණක් නැතුව හිටියෙ.

MY DIRECTOR <||PJM||> [completed]Wo Geschichten leben. Entdecke jetzt