ඇගෙන් දැනුණ වේදනාවත් එක්ක මන් හිමින් හිමින් ඇස් ඇරියා. මම තාම හිටියෙ බිම නිදාගෙන. ජනෙල් අස්සෙන් කාමරේට වැටිලා තියන ඉර එළිය නිසා තමයි දැන ගත්තෙ එළිවෙලා කියලා." අද ඔප්පා ඔෆිස් යයිද?. "
නිදන් හිටිය තැනින් නැගිට්ට මන් ඉක්මනට වොෂ් එකක් දාගන්න වොෂ් රූම් එකට දිව්වා.
ඇගට වැටෙන සිතල වතුර එක්ක මගේ ගතේ තියන වේදනාව යම්තාක් දුරට නැතිවුණත් මගේ ඇග දිගේ ගලන සිතල වතුරට හිතේ තියන වේදනාව නැති කරන්නනම් බැරි වුණා.
ඊයේ ජිමින් ඔප්පා හැසිරුණ විදිය මගේ හිත ගොඩක් රිද්දුවත් අද මන් ඒ හැමදෙම අමතක කරෙ ඔප්පට තියන ආදරේට.
වෙනදට පැය දෙකක් විතර වොෂ් කරන මම පැය භාගෙන් එළියට ආවෙ ඔප්පට කන්න උදේ කෑම ලැස්ති කරන්න. එයා ඊයේ උදේ කෑමනොකා ගියත් අද කෑමකයි කියලා මගේ හිත කිව්වා.
.
.
.
.
.
.
කිචන් එකට ඇවිත් කෑම හදන්න කලින් මන් කොෆි දෙකක් හදන්න පටන් ගතතේ මටත් එක්ක. ඊයේ දවසම ඉන්නෙ රාමෙන් එකක් විතරක් කාලා නිසා මගේ ඇගට පණක් නෑ වගේ.
ඊයේ වුණ දේවල් මතක් නොකර අලුතින් පටන් ගත්ත දවස මට ඔනේ ලස්සන මතකයන එකතු කර ගන්න.
කෝෆි දෙක හදලා මගේ එක පැත්තකින් තිබ්බ මන් ඔප්පගේ කෝෆි එක අරන් යන්න හැරුණේ ඔප්පගේ රූම් එකට වුණත් හැරුණ මම එතනම නැවතුණේ මගේ පිටිපස්සට වෙලා පපුව හරහා අත් බැදන් ඉන්න කෙනා දැකලා.
" හ්හා. තමුසෙ මේ කෝෆි එක හැදුවේ ජිමින්ටද?."
මගේ අතේ තියන කෝපි කෝප්පය උදුරලා ගන්න ගමන් සෙලින් ඔන්නි කියනකොට මන් හිටියෙ නිකමෙක් වගේ බිම බලන්.
ඇයි මන් මෙයා ඉස්සරහා දුර්වල වෙන්නේ ? මට මන් ගැනම තරහක් ඇතිවුනත් මන් දිගටම කරේ බිම බලන් හිටිය එක.
" ජරා ගෑනි. තමුසෙ ඇග පෙන්නල ද ජිමින්ව අල්ල ගත්තෙ. මන් කලින්ම දැනන් හිටියා තමුසෙ මහා ජරා ගෑනියෙක් කියලා."
KAMU SEDANG MEMBACA
MY DIRECTOR <||PJM||> [completed]
Fiksi Penggemar🥀 මා ඔහුට ආදරේ කරද ඔහු මා හට ආදරේ කළේ නැත.... ඔහු ආදරේ කරේ මාගේ රුවටය... නමුත් මා ආදරේ කරේ ඔහුගෙ හදවතටය.... ඔබ මට අයිත නැත... ඔබ මා හට ගොඩක් ඈතය... නමුත් මේ හිතේ ඔබ වෙනුවෙන් හටගත් ආලය එසේම පවති... ඔබ කොහෙ සිටියත් කුමක් කලත් මා ප...