🥀 04...

235 53 2
                                    


' ගොඩක් ප්‍රශ්න තියෙන හැඩයි. මෙතනින් ඉඳගන්නකෝ හායුන්. මට ඔයාට කියන්න වැදගත් කාරණයක් තියෙනවා.'

සංජනිම් එහෙම කියලා එයාගෙ ඉස්සරහා තියන පුටුව පෙන්නලා කියනකොට මන් මුකුත් නොකියා සංජනිම්ගෙ අණට කිකරුවෙලා එයා ඉස්සරහින් ඉඳ ගත්තා.

_________________________________________

' හායුන් ඔයා දන්නවද ඒ කවුද ආවේ කියලා.'

සංජනිම් එහෙම අහනකොට මන් කරේ ඔළුව දෙපැත්තට වනලා "නෑ" කිව්ව එක. 

' ඒ ආවෙ පාර්ක් ජිමින්. ඒ කියන්නේ කොරියාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.'

' අධ්‍යක්ෂකවරයෙක්.'

' ඔව් හායුනා. ඔයා දන්නවනෙ එයා ඔයාව හොයන් ආව හේතුව.'

සංජනිම් එහෙම අහනකොට මන් කරේ ඔළුව වනලා "ඔව්" කියලා කිව්ව එක.

ඔව් මන් දන්නවා එයා මාව හොයන් ආපු හේතුව. මිස්ට පාර්ක් වගේම තවත් ගායකයෝ වගේම අධ්‍යක්ෂකවරු මාව හොයනවා. මොකද මන් තමා සික්ක්‍රට් සිග (ර් ).

සික්ක්‍රට් සිග (ර් ) ඒ නම මට වැටිලා අවුරද්දක් වගේ කාලයක් වෙනවා. ඒකට හේතුව තමා මන් මීට අවුරුද්දකට කලින් ටේ ඔප්පත් එක්ක කිව්ව සිංදුව. ටේ ඔප්පා කියන්නේ සුමි ඔන්නිගෙ නම්ජාචින්ගු.එයාලා ස්කුල් යන කාලෙ ඉදන් හොඳ යාලුවො ඒත් ඉතින් ටික කාලයක් ගියාම ඒ යාලුකම දුර දිග ගිහින් දැන් එයාලා ආදරේ කරනවා. එතකොට ටේ ඔප්පා කියන්නේ කොරියාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය සොලෝ සිග (ර් ) කෙනෙක්.

ටේ ඔප්පගේ පුරුද්දක් තමා එයාට නිවාඩු ලැබෙන හැමවෙලාවකම සුමි ඔන්නිව බලන්න එන එක. ඉතින් එක දවසක් ටේ ඔප්පා අපෙ එපාට්මන්ට එකට ආවා. මොකද මායි සුමි ඔන්නි දෙන්නම ඉන්නෙ එක එපාට්මන්ට් එකක. එදා අපි ගොඩක් විනෝද වුණා. සිංදු කිව්වා නැටුවා පිස්සු විකාර කොටියයි. එදා මන් කිව්ව සිංදුවට ටේ ඔප්පට ආස හිතිලා එයා මට කිව්වා එයා එක්ක සිංදුවක් කියන්න එන්න කියලා. ඒත් මන් ඒකට වැඩිය කැමති වුණේ නෑ. ඒකට ලොකුම හේතුව මන් කරන රස්සාව. මන් ලංකාවේ ඉදන් කොරියාවට එන්නෙ ජොබ් එකක් හොයන්මයි. අපිට මේ ජොබ් එක හොයලා දෙන්නේ අපි ලංකාවේ ඉන්නැද්දීමයි. ඒ වගේම අපි මෙහෙ මේ ජොබ් එක අවුරුදු හතරක් කරන්න ඔනේ නවතින්න බෑ ඒ වගේම මෙහෙ රැකියාව කරන අතරතුර වෙනත් රැකියා කරන්නත් බෑ. ඉතින් එහෙම තියෙද්දි මට ටේ ඔප්පගේ කතාවට එකඟවෙන්න හිතුණේ නෑ.

MY DIRECTOR <||PJM||> [completed]Where stories live. Discover now