🥀34.... end

479 48 27
                                    


2055 ඔක්තෝම්බර් 13 දා....

' ඔප්පා ඔයා ඉවර නැද්ද?.'

' කට වහන් ඉන්නකො යූනා. තව ටිකයි මන් එන්නම්.'

අවුරුදු 20 ක් වයසැති චුටි හුරතල් කෙල්ලක් පහල තට්ටුවේ ඉදන් මේ බෙරිහන් දෙන්නේ අවුරුදු 21 ක් වුණ තමන්ගෙ එක කුස උපන් ඔප්පට. පේන විදියට දෙන්නා ගමනක් යන්න වගේ.

රෝස පාට දණිස් ළඟට දිග ගවුමක් ඇදලා, ලා දුඹුරු පාට ඉන ළඟට දිග කොන්ඩෙ කඩාදාලා හිටිය චුටි කෙල්ලව පෙවුනේ ප්‍රින්සස් කෙනෙක් වගේ.

' ආශ් මේ මනුස්සයා නම්.'.

තමන්ටම මුමුණ ගත්ත කෙල්ල උඩ තට්ටුවට යන්න ගියේ දැන් පැය ගාණක ඉදන් ලැස්ථිවෙන තමන්ගෙ ඔප්පව කනෙන් හරි ඇදන් එනවා කියලා හිතාගෙන.

කොල්ලගේ කාමරේ ළඟට ආව කෙල්ල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇතුලට යනකොට ඇතුලේ ටවල් එකක් විතරක් ඇදන් හිටිය කොල්ලා කෙල්ලව දැක්ක ගමන් අත් දෙකෙන්ම පපුව වහාගත්තේ කෑ ගහන ගමන්මයි.

' යාහ් ජියොන් හායුන් මන් තමුන්ට කොච්චර කියලා තියෙනවද කාමරේට එනකොට කතා කරලා එන්න කියලා.'

අත් දෙකින්ම පපුව වහගෙන කොල්ලා කෑ ගැහුවේ තමන්ගෙ එකම නංගි වුණ හායුන්ට. ඒත් කොල්ලගේ කෑ ගැහිල්ල ගාණකට නොගත් කෙල්ල කාමරේ ඇතුලට ආවෙ කොල්ලා දිහා තියුණු බැල්මක් හෙළන ගමන්.

' ජියොන් ජන්කුක් දැන් තමුන් කියෙ ඉඳන් ද ලැස්ථි වෙන්නේ ආ. තාම ටවල් එක පිටින්.'

කොල්ලට දෙවනි නොවුණ හායුන් කෑ ගහලා කියනකොට පපුවේ තිබ්බ අත් දෙකම කොල්ලා කන් දෙකට අරන් ගියේ ඒ තරම් තමන්ගෙ නංගිගේ හඩ සුමිහිරි නිසා.

' ආශ් හිමින් කතා කරනවා මෝඩි මගේ කන් දෙකත් අගුලු වැටුණා.'

' අගුලු වැටුණා හ්හා ඉන්නවා මන් පෙන්නන මොකද්ද අගුලු වැටෙන්නේ කියලා.'

එහෙම කිව්ව කෙල්ල කොල්ලගේ ටවල් එකෙන් අදින්න ගත්තෙ කොල්ලා කෑ ගහලා කෙල්ලගෙන් බේරෙන්න හදනකොට.

ඒ එක්කම මේ අයියා නගෝ වලිය ඇහුණ මිසිස් ජියොන් වගේම මිස්ට ජියොන් උඩට දුවන් ආවෙ වලිය සමතයකට පත් කරන්න. මොකද ඉතිං මේ ඩබලගේ වලිය හරියට දෙවන ලෝක යුද්දෙ වගේ නිසා.

MY DIRECTOR <||PJM||> [completed]حيث تعيش القصص. اكتشف الآن