' එන්න.'ජිමින් සර් කාර් එකෙන් බැහැලා මට එහෙම කියලා මාවත් පහු කරන් යනකොට මන් ඇදන් ඉන්න වෙඩින් ෆ්රොක් එකත් අත් දෙකෙන් උස්සන් එයා පස්සෙන් ගියා.
' අද ඉදන් මෙක තමා ඔයාගෙ රූම් එක.'
පඩිපෙළ නැගගෙන දෙවනි තට්ටුවට ආව මට ජිමින් සර් පෙන්නුවේ කෙලවරේම රූම් එකට කලින් තියන රූම් එක.
ජිමින් සර් රූම් එක පෙන්නුවට පස්සෙ මන් ඔලුව වැනුවේ හා කියන්න.
' ආ තව දෙයක්. ඔයාට මෙහෙ ඕන විදියකට ඉන්න පුළුවන් හායුන්. ඒත් මගේ දේවල් වලට ඇගිලි දන්නේ නැතුව.මොකද මන් කැමති නෑ මන් ගැන හොයනවට.'
' හරි සර්.'
' දැන් ඔය සර් කෑල්ල අයින් කරලා කතා කරාට කමන් නෑ.'
ජිමින් සර්---- අනි එහෙම කියන්න එපා කිව්වනේ. ඔප්පා එහෙම කියලා මගේ උත්තරයක්වත් බලාපොරොත්තු නොවි මගේ රූම් එකට එහා පැත්තෙ තිබ්බ රූම් එකට ගියා. ටික වෙලාවක් වැහුන දොර දිහා බලන් හිටිය මම මගෙ රූම් එකට ගියේ හිත සතුටින්නම් නෙමෙ.
රූම් එකේ ඇද උඩට වැටුණ මම කල්පනා කරේ සති දෙකක් ගෙව්න ඉක්මන ගැන.
සති දෙකකට කලින් අප්පා කිව්ව විදියටම මට ඔප්පව මැරි කරන්න වුණා. එදා අප්පා අපිට මැරි කරන්න කියලා කිව්වත් මම පොඩ්ඩක්වත් හිතුවෙ නෑ ඔප්පා මාව මැරි කරන්න කැමති වෙයි කියලා. ඒත් ඊට පහුවෙනිදා ඔප්පා මාවත් එක්කගෙන ආවෙ වෙඩින් ෆ්රොක් තොරන්න. මන් ඒ දේට පුදුම වුණත් ඔප්පා කිව්වේ. අප්පගේ කැමැත්තට පිටින් යන්න බෑ කියලා.
මමත් මුකුත් නොකියා හිටියෙ ඔප්පව මැරි කරන්න ගොඩක් ආසාවෙන් හිටිය නිසා. හැමකෙනාම කැමති තමන් ආදරේ කරන කෙනාව මැරි කරන්න මාත් එහෙම තමා. ඒත් මේක ඒකපාර්ශික ආදරයක්. මන් දන්නවා ජිමින් සර් මට කවදාවත් ආදරෙ කරලා නෑ. කරන්නෙත් නෑ. එහෙම එකේ මන් මගේ දෙමාපියන්ටවත් නොකියා එයාව මැරි කරෙ ඒ තරම් මන් ඔප්පට ආදරේ කරන නිසා.
හරි නම් මේ වෙනකොට මැරි කරපු කපල් එකක් ඉන්න ඕනෙ එයාලගෙ පලවෙනි රැය සමරන ගමන්. ඒත් මන්---- මට මන් ගැනම අනුකම්පාවක් දැනුණා. මට ඕන නෑ ඔප්පගෙන් ඒ වගේ දේවල් ඒත් අඩුම මට එයා ළඟ නිදාගන්න හරි පුළුවන් වුණා නම්.
DU LIEST GERADE
MY DIRECTOR <||PJM||> [completed]
Fanfiction🥀 මා ඔහුට ආදරේ කරද ඔහු මා හට ආදරේ කළේ නැත.... ඔහු ආදරේ කරේ මාගේ රුවටය... නමුත් මා ආදරේ කරේ ඔහුගෙ හදවතටය.... ඔබ මට අයිත නැත... ඔබ මා හට ගොඩක් ඈතය... නමුත් මේ හිතේ ඔබ වෙනුවෙන් හටගත් ආලය එසේම පවති... ඔබ කොහෙ සිටියත් කුමක් කලත් මා ප...