මේ කොටස 18+ තිබෙන බැවින්, 18+ කියවන්න අකමැති අය මේ කොටස skip කරන්න. තනිකරම මේ කොටසේ 18+ පමණක් තිබෙන නිසා මේ කොටස skip කරා කියලා කතාව මඟ ඇරෙන්නේ නෑ මෝචිස්!!!!!
අකමැති අය කියවලා මට බනින්න එපා හොඳද !!!! කැමැති අයට පමණයි !!!!
කාමරේට වෙලා වුන හැමදෙම ගැන කල්පනා කර කර ඉන්නකොට කලු කරලා තිබ්බ අහස මහ විදුලියක් එක්ක මහා වර්ෂාවක් කඩන් වැටෙන්න පටන් ගත්තෙ හිතේ තිබ්බ බය තවත් වැඩිකරලා. එක පාට්ට ගහපු අකුණත් එක්ක බයවුණත් ඇද උඩ ඉඳන් හිටිය මම බැල්කනි එකේ දොර ඇරන් එළියට ගියේ වැස්ස කියන්නේ මන් ආසම දේ වුණ නිසා.
වහින කොට ඒ දිහා බලන් ඉන්න තරම් මන් මේ ලෝකෙ ආස දෙයක් නැතුව ඇති. වහින වෙලාවට එන ඒ සුවද.... හ්ම්ම්ම්ම් හිත නිවනවා.....
දවල් ප්‍රවුර්ති වලට ගිය සෙලින් ඔන්නිගේ මරණෙත් එක්ක මට අමුතු දුකක් දැනුණා. ලොකුවට නොවුනත් මට සෙලින් ඔන්නි ගැන දුකයි.
කොච්චර සෙලින් ඔන්නි මට රිද්දුවත් එයා ඒ හැමදෙම කරේ ඔප්පා වෙණුවෙන් කියලා මන් දන්නවා. එයා මන් වගේම ඔප්පට ආදරේ කරා කියලත් මන් දන්නවා.
ඒත් ඔන්නිගේ මරණෙ ගැන ඔප්පට වගක්වත් නැති එක මට ලොකු ප්‍රශ්නයක් වුණා.
හ්ම්ම්ම්ම් එන්න එන්න මේ ප්‍රශ්ණ වැඩිවෙනවා. හරියට පැටලුන නුල් බෝලයක් වගේ.
හිත ටිකක් නිදහස් වෙන්න මන් වැස්ස දිහා එක දිගට බලන් හිටියා. එන්න එන්න වැඩිවෙන අකුණු ගැහිල්ල එක්ක වගේම ඇගේ වදින හිරිපෝද එක්ක මගේ ඇගේ මවිල් කෙලින් වුණේ සීතලට.
ඇදන් ඉන්න නයිට් ඩ්‍රස් එක ඇතුලෙන් සීතල හුළඟ ඇග දිගේ යනකොට මගේ මුළු ඇගම හිරි වැටිලා ගියා.
' මොකද මේ සීතලේ එළියට වෙලා කරන්නේ.'
එක පාට්ට ඇහුන ඒ හුරු පුරුදු හඩත් එක්ක මගේ ඉනවටේ අත් යවපු ඔප්පා කරේ මගෙ පිට එයාගෙ පපුවට හිටින විදියට තුරුලු කර ගත්ත එක.
නොහිතපු වෙලාවක වුණ දේ නිසා මන් ගැස්සුණත් ඒ ඔප්පා නිසා මන් තවත් ඒ උණුහුම් පපුවට හේත්තු වුණා.
YOU ARE READING
MY DIRECTOR <||PJM||> [completed]
Fanfiction🥀 මා ඔහුට ආදරේ කරද ඔහු මා හට ආදරේ කළේ නැත.... ඔහු ආදරේ කරේ මාගේ රුවටය... නමුත් මා ආදරේ කරේ ඔහුගෙ හදවතටය.... ඔබ මට අයිත නැත... ඔබ මා හට ගොඩක් ඈතය... නමුත් මේ හිතේ ඔබ වෙනුවෙන් හටගත් ආලය එසේම පවති... ඔබ කොහෙ සිටියත් කුමක් කලත් මා ප...