එපාට්මන්ට් එකේ ඉදන් ඔෆිස් එකට මහා ලොකු දුරක් නැති නිසා 8ට කලින් මට එන්න පුළුවන් වුණා. වෙනදා වගේම වැඩ කරන හැමෝටම ආචාර කර කර ආව මම කෙලින්ම ගියේ මගේ කැබින් එකට. වෙනදටනම් ආපු ගමන් මන් යන්නෙ ජිමින් සර්ගේ රූම් එකට ඒත් ඊයෙ වෙච්ච දේවල් මතක් වෙනකොට මට ජිමින් සර්ගෙ රූම් එකට යන්න හිතුණේ නෑ. ඒ නිසාම මගේ රූම් එකට ආව මන් කරේ ෆයිල් එකක් අතට අරන් එක පෙරල පෙරල හිටිය එක.
..
.
.
' හායුන්.'
වෙනම සිහියක හිටිය මම ගැස්සිලා හරි සිහියට ආවෙ මගේ රූම් එකට ආපු කෙනා නිසා.
' කියා ඔන්නි.'
ආපු කෙනා අඳුන ගත්ත මම ඉදන් හිටපු තැනින් නැගිට්ටේ කියා ඔන්නිට ඇතුලට එන්න කියන ගමන්.
' දැන් බෑ පැටියෝ. මන් පොඩි වැඩක හිටියෙ. මේ සර් ඔයාට එයාගෙ රූම් එකට එන්න කිව්වා.'
' ආහ් හරි ඔන්නි මන් බලන්නම්.'
' හරි පැටියෝ මන් යන්නම්.'
' හරි ඔන්නි.'
කියා ඔන්නි නැත්තම් කන්ග් කියාරා. කුකිට පස්සෙ මට මෙහෙදි හම්බුන අනික් යාලුවා කිවුවොත් මන් හරි.
ඔන්නි මට එහෙම කියලා ගියාට පස්සෙ මන් පුටුවෙන් ආයිත් ඉඳ ගත්තෙ ජිමින් සර් මට එන්න කිව්වේ ඇයි කියලා හිතන ගමන්.
' ආශ් තමුසෙටනම් පිස්සු හායුනා. තමුන් ජිමින් සර්ගේ සෙකට්ට්‍රි නේද? ඉතින් එයා තමුන්ට කතා කරන එක සාමාන්‍ය දෙයක්.'
මන් මගේම ඔලුවට එකක් ගහගෙන මට කියා ගන්න ගමන් අතට ගත්තෙ මගේ හැන්ඩ් බැග් එක. බැග් එක ඇතුලේ මම හැමවෙලාවේම දාන් ඉන්න පොඩි කණ්ණාඩිය අතට අරන් මුණ බැලුවේ ඇයි කියලා මටම හිතා ගන්න බෑ. මුණ බලලා ඉවර වුණාම ටිකක් විතර අවුල් වෙලා තියන කොන්ඩේ පිර ගත්තෙ ජිමින් සර්ගෙ රූම් එකට යන්න.
..
.
.
.
ජිමින් සර්ගේ රූම් එක ඉස්සරහට ගිය මම හොඳ හුස්මක් ගත්තෙ ඊයෙ වෙච්ච දේවල් එකපිට එක මතක් වෙනකොට. අමුතු බයක් හිත ඇතුලේ දුවනකොට බය පැත්තකට දාපු මම ජිමින් සර්ගෙ දොරත් ඇරන් ඇතුලට ගියා. ඒත් ඇතුලේ මට දකින්න ලැබුණේ හොඳ දෙයක් නම් නෙමෙ.
.
YOU ARE READING
MY DIRECTOR <||PJM||> [completed]
Fanfiction🥀 මා ඔහුට ආදරේ කරද ඔහු මා හට ආදරේ කළේ නැත.... ඔහු ආදරේ කරේ මාගේ රුවටය... නමුත් මා ආදරේ කරේ ඔහුගෙ හදවතටය.... ඔබ මට අයිත නැත... ඔබ මා හට ගොඩක් ඈතය... නමුත් මේ හිතේ ඔබ වෙනුවෙන් හටගත් ආලය එසේම පවති... ඔබ කොහෙ සිටියත් කුමක් කලත් මා ප...