🥀 01...

531 71 2
                                    

••• A/N •••

තම කාමරයේ සඳලූ තලයට වී රෑ අහස දෙස බලා සිටි කාන්තාව දිග සුසුමක් පිට කරේ තමන්ගේ සිතේ තියන දුක වගේම පසුතැවිල්ල දියකර හරින්නක් මෙනි.

පැය ගාණක් රෑ අහසේ දීප්තියෙන් බබලන හඳ දිහා බලන් සිටි කාන්තාවගේ මුවෙන් පිටවුණේ,

~ ඔයා හොදින් නේද චිමි--අනි ඔයා මට එහෙම කියන්න එපා කිව්වනේ. ඔයා හොදින් නේද සර්. කොහෙ හිටියත් කමක් නෑ ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න. ~

ඒසෙ තමන්ටම පැවසු ඇය නැවතත් දීර්ඝ සුසුමක් පිටකර තම දෑස්  පිහිඳ ගත්තෙ ඒ ඇස් වල පොරකමින් තියන කඳුළු වලට රිසිසේ ගලන් යාමට ඉඩ නොදි.

' ඔම්මා '

අහස දෙස බලා අතීත මතකයන් එක්ක හිර වුණ කාන්තාව හරි සිහියට ආවෙ තමන්ගෙ ඉණ වටා එතුණ අත් නිසා.

' ශිනේ '

තමන්ගෙ ඉනවටා අත් ඔතන් ඉන්න අවුරුදු 18ක 19ක වයසැති තරුණියව කාන්තාව වැළඳ ගත්තෙ කියා ගන්න බැරි තරම් ආදරේකින්. තරුණියව වැළඳ සිටි කාන්තාව තමන්ටම කියා ගත්තෙ,

~ ඔයා එයා වගෙමයි මැණික. ඔයාව දකින හැම මොහොතකම මට මතක් වෙන්නේ එයාව. ඒත් ඔයාලා දෙන්නගේ ගතිගුණ සම්පූර්නයෙන්ම වෙනස් නිකන් අහසයි පොලොවයි වගේ. එයා හැමවෙලෙම කරේ මාව රිද්දුව එක. ඒකට ඔයා. ඔයා හැමදාම කරේ එයා විසින් පැරුණ මගේ හිත සනසපු එක.~

තමන්ටම එසේ පවසා ගත් කාන්තාව නැතහොත් ශිනේගේ ඔම්මා නැවතත් තම දියණියව වැළඳ ගත්තෙ හිතෙන් නොයෙකුත් දේවල් ගැන සිතමින්.

' ඔම්මා.'

තම මවගෙන් ඇත් වුණ ශිනේ.

' ඔම්මා ඔයා මට පොරොන්දු වුණා අද එයා ගැන කියනවා කියලා.'

ශිනේ තම මවගේ අත් දෙකම ඒ අත් වලට මැදි කරගෙන එසේ පවසන විට ශිනේගෙ මව තම දියණිය දෙස බලා සිටියෙ හිතේන් දහසකුත් දේවල්  තමන්ටම කියා ගනිමින්.

MY DIRECTOR <||PJM||> [completed]Tempat cerita menjadi hidup. Temukan sekarang