🥀 13....

206 43 7
                                    


' අදල් අපි මේ ගැන අදම කතා කරලා ඉවරයක් කරමු.'

' මොකක්ද අප්පා.'

' මැරේජ් එක ගැන.'

අජස්සි එහෙම කියනකොට මන් කටට ගත්ත බිම එකත් තව පොඩ්ඩෙන් හිරවෙනවා. ඒත් එක්කම මන් බැලුවේ ජිමින් සර් දිහා. එයා තාමත් අජස්සි දිහා බලන් ඉන්නෙ කිව්ව දේ හරියට තෙරුණේ නෑ වගේ.

' මොකක්ද අප්පා ඔයා කිව්වේ.'

' අහන්න අදල් මේ තියෙන්නේ ඔයාගෙ හොදම වයස මට ඔය කාලෙ වෙනකොට ඔයත් ඉන්නවා ජිමිනා. අවුරුදු 30ක් කියන්නේ මැරි කරලා ළමයි ඉන්න ඕන වයසක් අදල්. මම ඔයාට ගර්ල් කෙනෙක් හෙව්වෙ එකයි.ඒත් ඔයා හායුන් දරුවත් එක්ක යාලුවෙලා ඉන්න නිසා තව පරක්කු නොකර මැරි කරමු.'

අජස්සි කියවන් යන එවා මන් අහන් හිටියෙ මෙලෝ සිහියකින් නෙමෙ.

මැරි කරන්න මම ජිමින් සර්ව? නෑ එයා පොඩ්ඩක්වත් ඒකට කැමති වෙන්නේ නෑ.මම ජිමින් සර්ට ආදරේ වුණාට එයා පොඩ්ඩක්වත් මට ආදරේ කරලා නෑ. එහෙම එකේ අපි මැරි කරන්න.

' අප්පා මොකද මේ. අපිට තාම මැරි  කරන්න හදිස්සියක් නෑ නේද හායුනා. අනික අපි යාළුවෙලා ලොකු කාලයක් නෑ අප්පා. අපි දෙන්නට ආදරේ කරන්න ඔනේ.'

ජිමින් සර් ආයිමත් මගේ අත අල්ලගන්න ගමන් අජස්සිට කිව්වේ අජස්සිගෙන් කොහොම හරි බේරෙන්න. ඒත් අජස්සිගේ බැල්මනම් තාමත් එහෙන්මමයි.

' අදල් මැරි කරලා ආදරේ කරන්න පුළුවන්.'

' ඒත් අප්පා---

' නෑ ජිමිනා. ඔයාලා තව සති දෙකකින් මැරි කරන්න ඔනේ එච්චරයි.'

අජස්සි හඩ උස් කරලා කියනකොට මගේ ඇගේ මවිල් කෙලින් වුණේ අජස්සිත් ජිමින් සර්ට නොදැවෙනි නිසයි.

' ආශ් ඕන එකක්.'

එහෙම කිව්ව ජිමින් සර් සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් අරන් එළියට යනකොට මන් ඒ දිහා බලන් හිටියෙ ගොඩක් අසරණව. මොකද ජිමින් සර් අජස්සි ගාව මාව තනිකරලා යනකොට එයා අහන ප්‍රශ්න වලට මන් දෙන උත්තර මොනාද??? මේක තනිකර රඟපෑමක්.

' හායුන් දරුවෝ කොහොමද ඉතින්.'

අජස්සි මගේ ළඟට එනගමන් ඇහුවා.

MY DIRECTOR <||PJM||> [completed]Where stories live. Discover now