🥀 20....

206 45 4
                                    


පරක්කු නොවි වොෂ් එකක් දා ගත්ත මම කලු දණිස් ළඟට දිග ගවුමක් ඇන්දේ ඔප්පත් කලු පාටින් ඇඳුම් ඇදලා හිටිය නිසා. මගේ කලු ඉන ළඟට දිග කොන්ඩෙ කඩලා දාලා සිම්පල් මේකප් එකක් දා ගත්තෙ ඩිනර් එකකට යන නිසා.

හිමින් හිමින් පහලට බැස්ස මම දැක්කෙ මන් දිහා එක එල්ලේ බලන් ඉන්න ඔප්පව. හරියට එයා මන් දිහා බලන් ඉන්නෙ පලවෙනි වතාවට මාව දැක්කා වගේ. ඒ බැල්ම තවත් දාරා ගන්න බැරි නිසා මන් බිම බලන්ම පඩි බැස්සා.

මන් කොච්චර ඔප්පට ආදරේ කරත් තාමත් මට ඒ ඇස් දිහා කෙලින් බලන්න තරම් හයියක් නෑ....

මන් ඔප්පා ළඟටම ගිහිං හිටගත්තත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ඔලුව උස්සලා බලනකොට තමයි දැක්කෙ එයා තාමත් මන් දිහා බලන් ඉන්නවා කියලා. ඒ ඇස් දිහා බලපු මට අමුත්තක් දැනුණත් ඒ ගැන වැඩිය නොහිතපු මම ඔප්පට කතා කරා.

' ඔප්පා.'

මගේ හඬත් එක්ක ගැස්සුණ ඔප්පා එක පාරක් මගේ ඇස් දිහා බලලා මුකුත් නොකියා යනකොට මන් කරේ එයාගෙ පස්සෙන් ගිය එක.
.

.

.

.

.

.

කිසිම කතාබහක් නැතුව අපි දෙන්නා වාහනේ ඇතුලේ ගියේ හරියට අඳුරන්නෙ නැති දෙන්නෙක් ගාණට. මට ඔප්පත් එක්ක කතා කරන්න ඕන වුණත් මට කතා කරන්න තරම් හයියක් නැත්තෙ ඔප්පගෙන් බැනුම් අහන්න වෙයි කියලා හිතුණ නිසා.

මාව දකින්න අකමැති කෙනා මාත් එක්ක කතා කරන්න කැමැති වෙයිද????

හොඳ හුස්මක් පහත හෙළපු මම දැනටමත් විදුලි අලෝකයෙන් ලස්සනවෙලා තියන් සෝව්ලු නගරය දෙසට ඇස් අරන් ගියේ ගොඩක් සතුටින්.

මගේ එක හීනයක් තමයි මන් ආදරේ කරන කෙනත් එක්ක රාත්‍රි සෝව්ල් ටවුන් එකේ අත් අල්ලන් ඇවිදින්න.  අයිස් ක්‍රීම් එකක් කකා එයත් එක්ක මුළු ටවුන් එකේම ඇවිදින්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒක මන් පොඩිකාලෙ ඉදන් දැක්ක හරි ලස්සන හීනයක්.

ඒත් ඒ හිනේ හීනයක්ම වෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නෑ.

MY DIRECTOR <||PJM||> [completed]Where stories live. Discover now