💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 01 )
" අයියලා හෙට ඉදන් පෝළිමේ ගිහින් බත් කන්න ලැස්ති වෙන්නකෝ එහෙනම්.. "
ආශී කැමරාව අතට ගත්තෙ එහෙම හිතමින්. ඇයට මීටර් පනහක් පමණ ඈතින් තිබෙන නීතිවිරෝධී නැව් තොටට පැමිණි කුඩා බෝට්ටුවේන් පිටතට ගන්නා පෙට්ටි පිළිබඳ සියුම් විමර්ශනයක යෙදෙන ඇය ඒ සියල්ල ඡායාරූපගත කරන්නත් අමතක කලේ නෑ. මාස ගණනක උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන එන මත්ද්‍රව්‍ය තොගයක රහස ඇයට හෙළිදරව් කරගැනීමට හැකි වුණා.
සඳ මෝදුවී සාගර රළ සමග හැප්පෙමින් තිබුණු මොහොතක අවුරුදු විසි පහක් පමණක් වූ මෙවැනි සුන්දර තරුණියක් මැරවරයින් සමඟ හැප්පෙමින් ඇයට පැවරී තිබුණු රාජකාරිය අකුරටම ඉටු කරනමින් සිටියේ හිතේ කොනක සැගවී සිටි විප්ලවකාරී තරුණිය මතුකරමින්. මෙ සොදුරු විප්ලවකාරී තරුණිය නමින් ආශින්සනා දෙව්මිණී දහනායක. සමාජයේ වැදගත් යැයි නම් ලද දහනායක පවුලෙ වැඩිමහල් දියණිය වූ ආශින්සනාගේ එකම බලාපොරොත්තුව වූයේ කෙදිනක හෝ best journalist award එක ඇය සතු කරගැනීමයි. සම්මානය තම අතට ගෙන සැවොම ඉදිරියෙ කරන කතාව පවා ඇයට කට පාඩම් වී තිබුණා. නිදන්නට මොහොතකට හෝ පෙර ඇය ලියා ඇති එම කතාව කණ්නාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලමින්ම කියවන එක ඇය පුරුද්දක් කරගෙන සිටියා. දඟකාර කටකාර ඇය දකිනා ඔනෙම අයෙක් දෙවරක් හැරී බලනවා නොඅනුමානයි. මෙතරම් සුකුමල රූ සපුවක් ඇති ඇය භාරගන්නෙ නම් කොල්ලන් පවා සිදු කිරීමට පැකිලෙන රාජකාරිය.
මේ සඳ මෝදුවී ඇති රාත්‍රියේ පවා ඇය සිදුකරමින් සිටියේ වෙනත් කිසිදු මාධ්‍යවේදියෙක් කවර් කිරීමට අකමැති වූ සිද්දියකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් හා ගැටීම ලෙහෙසි පහසු නොමැති බව දන්නා නිසාම කාර්යාලයේ පළපුරුදු මාධ්‍යවේදීන් පවා මෙය අතහැර දැමූ සිද්දියක් වූවාය. අමාරුවෙන් කෙටි තාප්පයකට මුවා වී ඡායාරූප ගන්නා ඇය විටින් විට ඇස් කරකවමින් වටපිටාව නිරීක්ෂණය කලෙ අනතුරක් නොමැති බව සාක්ෂාත් කරගැනිමට.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...