💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 34 )
චූටි....
අකී ඇත්තටමද අර කතාව කිවුවේ...හේෂාන්ගෙ අධිරංගනය නිසා එය සත්‍යක් නොවන බව ලිෂාරා තේරුම්ගෙන වුන්නත් ආශී ඒ ගැනම කල්පනා කරන්නට වුනෙ සම්මානය ලබා ගැනීමේ සිහිනයට පසු ආශී දකින්න පටන්ගත්ත එකම සිහින අකීගේ මනමාලිය බවට පත්වීම නිසාය. ලිෂාරා කිසිවක් නොපවසා ආශීගේ කම්මුලට සෙමින් තට්ටු කර සිනාසෙමින්ම ඩිෆෙන්ඩර් රථයට ගොඩ වුනෙ ඇත්ත කිවුවොත් ආශිගෙ හිත රිදෙයි කියන බයට.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
ඩිෆෙන්ඩර් රථය අකීගේ නිවසින් පිටව යන තුරුම බලාගෙන සිටි ආශී නිවස තුළට යන්න හැරෙනවාත් සමගම අකී ඇය ඉදිරියට ආවෙ මෝටර් රථයේ යතුර කරකවමින්. නිදන්නට අවශ්‍යයි කියූ අකී ආශී ඉදිරියෙ සිටගන්නා විට ඇය පුදුමයෙන් බලා ඉන්නට වුණා.
යමු....
කොහෙද...
ආශී ඇහුවෙ පුදුමයෙන්. ආශී එහෙම අහද්දි ඇය එන්ගෙජ්මන්ට් එක සඳහා ඇදගෙන වුන්න දිග රෝස පාට ගවුමෙ උඩ ඉදන් පහළට යනකම්ම ඇස් ගෙන ගිය අකී ආශීගේ මුහුණට එබුනෙ දිලිසෙන ඇස් වලින්.
ඔයා දිගටම ඔය ඩ්‍රෙස් එකෙන් ද ඉන්න හදන්නේ..... එහෙමත් නැත්නම් ඔයාගෙ අයිඩියා එක ඇදුම් නැතුව ඉන්නද...
මට නම් ප්‍රශ්නයක් නෑ....
හැබැයි ස්වර්ණා ආන්ටි ඉන්න නිසා ඒ අයිඩියා එක සෙට් වෙන්නෙ නෑ නේ....පළමු වාක්‍යය පේලිය ආශීගේ මූණට එබීගෙන කියපු අකී අවසන් වාක්‍ය නම් කිවුවේ පිටත බලාගෙන. රවාගෙනම බලාගෙන ඉන්න ආශීගේ මුහුණ දකින විටත් අකීට හොදටොම හිනා. ආශී රවාගෙනම ගිහින් මෝටර් රථයේ ඉදගද්දි අකී හිනාව බොහොම අමාරුවෙන් පාලනය කරගෙන රියදුරු අසුනට බර වුණා. ආශී ආසන පටි තද කරගෙන ඉදිරියට රවාගෙනම ඉද්දි අකී අමාරුවෙන් පාලනය කරගත්ත හිනාවට නැවතත් ජීවය ලැබුණා. අකී ස්ටියරීන් වීල් එකට හිස හොවාගෙනම හිනා වෙද්දි ආශී ඔහුගෙ පිටට මිටි මොලවාගත් අත්ලෙන් කිහිප වරක්ම තට්ටු කරන්නට වුණා.
අකී....
දැන් නම් හොදටම ඇති.....ආශී කිහිප වරක්ම පහර දුන් නමුත් අකී නම් සිනහව නතර කලෙ නෑ. මෙතෙක් වෙලා සිදු වූ ලැජ්ජාව ගැන සිතමින් වුන්න ආශීට අකීගේ සිනහව කෙතරම් සොදුරුදැයි සිතෙන්නට වුනෙ අහම්බයෙන්. ඔහුව හදුනාගත් දිනයෙ පටන් ඒ මුහුණෙ මෙතරම් සතුටක් මම දකින්නෙ පළවෙනි වතාවට නේද කියලා ආශීට හිතුනා. සෑම දිනකම දකින යක්ෂාරූඩයෙන් වූ ආඩම්බර මුහුණට වඩා අකීගේ මේ සොදුරු සිනහව වෙනුවෙන් ජීවිත වුවද පුද කිරීමට තරම් ආදරයක් ආශීගේ හිත තුළ ඇදුනෙ ඒ හිනාවට වශීවෙලා වගේ බලන් ඉද්දිමයි.
තවත් කෙනෙකු ඉදිරියෙ ඔහුගෙ සොදුරු සිනහව මුදාහැරි දිනයක් ගෙවුනු මාස ගණනට සොයාගත නොහැකි තරම්. අකීගේ ඒ සොදුරු සිනහවෙන් පුංචි වෙන ඇස් වලටත් ආශී වශී නොවුනා නම් පුදුමය. නතරකරගත නොහැකි තරම් අකී සිනාසෙන්නෙ ආශීට කල විහිලුව නිසා පමණක්ම නොවේ. අකීගේ මුලු හිතම සතුටින් පිරී ගොස් තිබුනෙ අද පටන් සෑම දිනකම ඔහුගෙ වටිනාම වස්තුව ඔහුට පෙනෙන මානයෙන් තියාගන්න අවසර ලැබුණු නිසා. වචනයෙන් නොකිවුවද අකීගේ හිත තුළ ආශී වෙනුවෙන් පිරෙන ආදරෙට අකී ද ආදරෙ කලා.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...