💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 44 )
අපි අපේ ගුල්ලුව ඩොක්ටර් කෙනෙක් කරමූ.....
එපා..... එයා එයාට ඔනෙ පාරෙ යයි....
අපි බලපෑම් නොකර ඉමූ....ආශී හදවතින්ම හිනා වුණා. අකීගේ මුහුනෙත් වෙනකවරදාටත් වඩා පුදුමාකාර සතුට වෑහෙන සිනහවක් ඇදිලා තිබුණා.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
අපේ එරියා එකට ඇවිල්ලා... අපිටම ගහල යන්න තරම් හයියක් කොහෙන්ද ඌට....
දීර් ගෙරවූයෙ සුසා දෙස බලාගෙන. සුසා ද ඒ මොහොත ගත කලෙ වෙඩි කෑ සූකරයෙකු තරම් නොසන්සුන්ව.
ඌන් දගලනවා හොදටම වැඩි දීර් බොස්....
මට ඌන් සෙරම ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න ඔනේ....උඹ හරි සුසා... ඌන් දැගලුවා හොදටම වැඩි.... අපි ඉවසුවත් හොදටම වැඩි....
ඌන් දන්නෙ නෑ තාම ඌන් පැටලුනෙ කාත් එක්කද කියලා.....
ඌන් කොටි වලිගෙ අල්ලගෙන සෙල්ලම් කරන්නෙ කොටියාගෙ දත් ගාන ගනන් කරන්නෙ නැතුව....බොස් එදා අරුන්ගෙ සපෝට් එකට ආපු නාකියා අර කෙල්ලගෙ තාත්තාලූ....
මුන් යකාගෙ මාමණ්ඩිලා නේ සුසා....
යන ලොකෙට පිනක්දහමක් කරගන්න කාලෙ හරි කියලා අපිට.. නාකියටත් මතක්කරලා දෙන්න වෙයි වගේ....අපේ ප්ලෑන් එකට නාකි කැප්ටන්වත් ඇඩ් කරගන්නද බොස්......
එපා......
කොහොමත් එදාට වෙන දෙවල් දැකලා මිනිහා හාට්ඇටැක් එකකින් මැරෙයි....
ඒ මරණෙට අපේ දායකත්වයක් ඔන වෙන එකක් නෑ.....දීර් එහෙම කියලා සුසා දෙස බැලුවෙ සුපුරුදු වියරු සිනහවෙන්ම. ඔවුන්ගෙ සැලසුම ක්‍රියාත්මක වන දිනය උදාවන තුරු නොඉවසිල්ලෙන් ඉන්න සුසාගෙ මුහුණටද නෝක්කාඩු සිනහවක් ඇදුනෙ ඉබේටම.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
මොකක්ද....... ආයෙ සැරයක් කියපන් මචං....
හේෂාන් සතුටින් කෑගැහුවේ අකීගේ දෙවුරෙන් අල්ලා සොලවමින්.
උඹට ඇහුන දේ තමයි යකෝ මං කිවුවේ....
ඔව්.... මම පටන්ගත්ත හැමදෙයක්ම මෙතනින් ඉවර කරනවා.....
මෙතනින් එහාට හැමදෙයක්ම උඹ බලාගනින් මචං..... මොකද මට මගේ පැටියා වෙනුවෙන් මෙතනින් නවතින්න වෙනවා....
හැබැයි දීර්ට සුසාට වගේම රණබාහු මැඩම්ටත් නීතියෙන් දඩුවම් ලැබෙන්නම ඔනේ....
උඹව මට විශ්වාසයි හේෂාන්.... උඹ අනිවාර්යෙන්ම ඒ දේ කරනවා...
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...