Episode 22

850 70 0
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 22 )

" මිස්ටර් අකීල්... ඔයාට අපිත් එක්ක එන්න වෙනවා... "

පොලිස් නිලදාරිවරයා දෙවන වරටත් හඩ නැගුවෙ පෙර වඩා අඩු ස්වරයකින්.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

අකී කිසිදු හැගීමකින් තොරව නැගිට පොලිස් නිලදාරියා දෙසට දෙයත් දිගු කලා. ඒත් සමගම එතනට දිව ආව හේෂාන් අකීගේ අතින් අල්ලගත්තෙ සීතල රැවිල්ලකුත් එක්ක.

" තොට පිස්සුද යකෝ.... "

හේෂාන් අකීගේ කනට කරලා කිවුවේ ශබ්දය පිටතට නෑසෙන තරම් හිමිට. අකී හේෂාන් වෙත ඔහුගෙ බැල්ම ගෙන එනවාත් සමගම හේෂාන් පොලිස් නිලදාරියා වෙත හැරුනෙ අපරාධ විමර්ශන අංශයෙ ජේෂ්ඨයෙකුගෙ පෞරුෂයකින්.

අකීල්ව ගෙනියන්න හේතුව මොකක්ද කියලා අපිට දැනගන්න පුලුවන් ද ඔෆිසර්...

මිස්ටර් අකීල්ට විරුද්ධව කිඩ්නැප් කේස් එකක් ෆයිල් වෙලා තියෙනවා...
ඒ වගේම මිස්ටර් අහන්න හිතාගෙන ඉන්න නෙක්ස්ට් කුවෙක්ශන් එකටත් මං උත්තර දෙන්නම්...
අපිට වොරන්ට් එකක් තියෙනවා මිස්ටර් අකීල්ව ඇරෙස්ට් කරන්න...

" කිඩ්නැප් කේස්! "

හේෂාන්ගෙ මුවෙන් පිට වුනෙ පුදුමය මුසු වචන. අකීට කිඩ්නැප් කේස් එකක් සම්බන්ධ වූයෙ කෙසෙදැයි හේෂාන් කල්පනාවට වැටෙන විට ඔහුට පිටුපසින් සිටි ආශී ඉදිරියට ඇදුනෙ පොලිස් නිලදාරියාට රවමින්මයි.

මොන විකාරයක් ද මේ....
එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්නයක් පටන් ගන්නවා.... මට නම් දැන් මේක ඇති වෙලා....
මෙ අහන්න සර්, අකීගේ අම්මා නැති වෙලා තාම පැයයි ගෙවිලා ගියේ....
ඔයාලා ඔය කියන කිඩ්නැප් කේස් එකක් ගැන මම දන්නෙ නෑ ....
මනුස්සකමක් නැද්ද ඔයාලට අකී ඉන්න සිටුඑෂන් එක තේරුම්ගන්නකෝ....
ඇයි හොද අයටම මේ තරම් ප්‍රශ්න වෙන්නේ....
ඔයලා හරි නම් සර් ඇරෙස්ට් කරන්න ඔනා අකී නෙමෙයි අර සු............

ආශී සුසාගෙ නම කියන්න කට අරිනවත් සමගම හේෂාන් තම අතින් ඇයගෙ මුව ආවරණය කරගෙන ඔහු වෙත ඇදගත්තෙ තත්පරයක පමාවකින්.

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now