💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 07 )
නංගි කොහෙද ඉන්නෙ....
ආශීගේ පළමු ප්රශ්නය වූයෙ එයයි. ලිෂාරා ඉකිබිදුම් මැද්දෙන් පැවසු සියල්ල ආශී අහගෙන වුන්නෙ පණ නැත්තෙකු සේය. කිසිදු ප්‍රාණි බවක් නොමැති වූ ඇය අසල තිබු කණුවක් අල්ලාගත්තේ වැටෙන නොවැටෙන ගානකදීය.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
ලිෂාරා බොහෝ දේ පවසමින් සිටි අතර ආශීගේ බැල්ම නැවතුනෙ අකීගේ මෝටර් රථය පිටවී ගිය මාවත දෙසටය. දුරකථනය විසන්ධි කිරීමට තරම්වත් මතකයක් නොවූ ඇය රෝහල තුළට දිව ගියෙ වේගයෙනි. රෝහල තුළ කලබලයෙන් එහා මෙහා යන කිහිප දෙනෙකුගෙම ගතෙහි ගැටෙමින් ඉදිරියට දිව ගිය ඇය ඔවුන්ගෙන් සමාව ඉල්ලීමට හෝ මොහොතක්වත් වැය නොකලාය.
ආච්චිඅම්මා !!!!!!!
ආශී රෝහල් කාමරය තුළ වැදුනෙ කිසිදු අවසරයකින් තොරවම. රෝහල් කාමරයෙ ඇඳ මත සිටි ආච්චිඅම්මාත් ඇයව වටකරගෙන සිටි සීයාත් නංගීත් දොර දෙස බැලුවෙ ආශීගේ හඩට. තවමත් ඔක්සිජන් මාස්ක් එකක ආදාරයෙන් සිටි ඇයගෙ මැලවුණු මුහුණ දුටු ආශීගේ ඇස් වලින් ගිලිහෙන කදුළු වල නිමක් නැති වනවාත් සමග ඇය ඉදිරියට ඇදුනෙ මළමිනියක් සේය.
ආච්චිඅම්මා......
ආශී ඉකිබිදුම් මැද්දෙන් ගොතාගත් වචන කිහිපය පැවසුවේ ආච්චිඅම්මාගේ හිස මුදුව අත ගාමින්. ආච්චිඅම්මා, ආශී දෙස බලමින් ඇස් වලින් සන් කලෙ හඩන්නට එපා කියන්න වගේ. වෙලුම් පටියෙන් වෙලා තිබුණු ආච්චිඅම්මාගේ අත් බාහුව පහතට නැමී සිපගත් ඇය ආච්චිඅම්මා දෙස බැලුවෙ බොහෝ වරදකාරී හැගීමකින්.
මට සමාවෙන්න ආච්චිඅම්මා.... මං හින්ද නේ මේ සේරම කරදර...
ආච්චිඅම්මා නැහැ කියන්නට හිස සලනවාත් සමගම සීයාතාත්තා ඔහුගෙ හඩ අවදි කලෙ බැණුමකට ලඟ ස්වරයෙන්.
සමාවෙන්න කිවුවාම හරි ද සුදු නෝනා...
අපි කී දවසක් නම් කිවුවද ඔය ලොකු ලොකු මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා කියලා....
අපි මෙ වයසට ඇවිත් ඉන්නෙ නිකම්ම නෙමේ නේ පුතේ....
ඔයා අපි කියන දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑ නේද සුදු නෝනා....
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...