💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 19 )
ආශී කාල්ම් ඩවුන්....
මාව විශ්වාස කරන්න ඔයාගෙ නංගිට සීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ....
මං එයාව බේරගන්නවා ට්‍රස්ට් මී ආශී...බලහත්කාරයෙන්ම ආශීව තම පපුවට තුරුලු කරගත් අකී ඇයට හඩන්නට ඔනෑතරම් වෙලාවක් ලබා දුන්නා.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
ඩිෆෙන්ඩර් රථය පාර අයිනට කර නැවැත්තවූ හේෂාන් ස්ටියරීන් වීල් එකට පහරක් ගැසුවේ තරහව පිට කිරීමට මෙනි.
අකීයා මේක අරුන්ගෙ වැඩක් වෙන්න ඇති....
දීරයා මොකටද ලිෂාරාව ඉස්සුවේ....
එතන ආශීත් ඉද්දි ලිෂාරාව උස්සන්න කිසිම හේතුවක් නෑ...
ලිෂාරා මෙ කිසිම කේස් එකක නෑ ඉතිං ඇයි ලිෂාරාව....දීර් නෙමේ නම් අකී... මේ වගේ බලු වැඩක් කරන්න වෙන කවුද ඉන්නේ....
හේෂාන් එහෙම කියනවත් එක්කම ඔහුගෙ දුරකථනය නාද වෙන්නට වුණා. ඇමතුම කවුරුන්ගෙන්දවත් නොබලාම හේෂ් එයට පිළිතුරු දුන්නෙ වෙනම කල්පනාවක සිටය.
හොරාපොලිස් මහත්තයෝ.....
අනෙක් පසින් ඇසුන කටහඩ හදුනාගත් හේෂාන් ලව්ඩ්ස් පීකර් ඔන් කලෙ අකීටත් ඇසෙන ලෙසට.
සංගා උඹ....
හොරාපොලිස් මහත්තයා එක වචනෙකින් මාව අදුරගත්ත නේ....
මගේ ජොබ් එකේ මං පොල් ගානව කියලා ද තමුසෙ හිතුවේ.....
අහ්.. හා... හා....
සද්දේ වැඩි වගේ නැද්ද මහත්තයෝ...
පුංචි නිව්ස් එකක් දෙන්න කතා කලෙ මහත්තයගෙ ගල් ෆ්‍රෙන්ඩ් මං ළඟ....හේෂාන් සහා අකී දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත්තෙ ඔහු පවසන්නෙ ලිෂාරා ගැන බව තේරුම් අරගෙන.
මොකක්ද තමුසෙගෙ මේ අලුත් සෙල්ලම සංගා.....
හැමදාම මහත්තයලා අපිත් එක්ක සෙල්ලම් කරන එකේ.... අපි පොඩි සෙල්ලමක් කරපුවාම නරකද.....
සංගා වෙන්න ඔනෙ දෙ කියපන්....
කෙල්ලට සීරීමක්වත් වෙලා තිබුනොත් උඹව අතාරින්නෙ නෑ මං....වැඩිය මුකුත් එපා....
ඒ සීරෝ සෙවන් ( A07 ) ෆයිල් එක අද හතට කළු පාලම යටට ගෙනත් දුන්නොත් හොදටම ඇති....
එහෙම නැති වුනොත් මේ කෙල්ලට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නෑ නේ....
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...