💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 29 )
ඔන්න අපේ පැත්තෙන් නම් ආශින්සනා දුවට ඉහළින්ම කැමති...
තරූන්ගෙ පියා එසේ කියන විට ආශීත් ලිෂාරාත් මුහුණට මුහුණ බලාගත්තෙ විදුලියක් වැදුනා සේය. ආච්චිඅම්මාත් සීයාතාත්තාත් සතුටින් ඉපිලෙන විට තරූන්ගෙ බැල්ම නතර වුනෙ ආශීගේ උවන මතය. එවර නම් ආශීගේ ඇස් වලට කදුළු ඉණුවෙ සැබෑවටමය. කදුළු පිරි දෙනෙතින් ආශී තරූන් දෙස බලන විට ඔහුගෙ මුහුනෙ ඇදුනෙ අහිංසක නොවූ ගූඪ බවකින් යුතු සිනහවකි.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
දහවල් ආහාරයද ගෙන සතුටු සිතින් පිටවී ආ තරූන් ඇතුලු පිරිස රැගත් වෑන් රිය මහා මාර්ගයෙ මද දුරක් පැමිණ නතරකරනු ලැබුවාය. තරූන්ගෙ දෙමාපියන් වෑන් රියෙන් බැසගත් අතර රියදුරු අසුනෙ සිටි පුද්ගලයා ඔවුන් වෙත ගියෙ හොදින් අවට නිරීක්ෂණය කරමිනි. පන්දාහේ නෝට්ටු වලින් යුතු සල්ලි මිටියක් තරූන්ගෙ පියාගෙ අත උඩින් තිබ්බ රියදුරු තවත් මොනාදෝ ඔවුන් හා කතා කර අවසානයෙ වෑන් රිය වෙත පැමිණියාය.
අර ඩබල කියනවා බොස් ආයෙ යන්න ඔනේ දවසට කෝල් එකක් දෙන්නලූ....
මොනා වුණත් නාකි ජෝඩුවගෙ ඇක්ටින් මරු බන්.....
තරූන් එහෙම කියද්දි රියදුරු ස්ටියරීන් වීල් එක බදාගෙන හිනා වෙන්න වුණා. තරූන් හිසින් යමු කියන්න වගේ සංඥා කරන විට රියදුරු වෑන් රිය පණගන්වා ඉදිරියට ධාවනය කලාය. උපැස් යුවල ගලවා පිටුපස අසුනට විසි කල තරූන් ඔහුගෙ මුහුණට අලවා තිබූ කෘතිම රැවුල ගලවා මුහුණ පිරිමදින්නට විය. කෘතිම රැවුලට මුවා වී සිටි දීර් විරුශික රණබාහුගෙ සැබෑ ස්වරූපය එළිදරවු වූයේ එවිටය.
සිරාම බොස්, මටත් බොස්ව අදුරගන්න අමාරු වුණා....
රියදුරු එසේ කියන්න විට දීර් ගූඪ හිනාවකින් හිස කෙස් අවුල් කරගත්තේ ඔහුගෙ සුපුරුදු ස්වරූපයට අවතීර්ණ වෙමිනි.
දීර් මාධ්‍යට ඔහුගෙ මුහුණ හෙලි නොකර සිටිමට සෑම අවස්ථාවකම උත්සහ ගත්තාය. පැපරාසීන් විසින් ලබාගත් ඡායාරූප දෙක තුනක් ඇරෙන්නට දීර් විරුශික රණබාහුගෙ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඔහු කිසිදා නිකුත් නොකලාය. දිනක් මාධ්‍ය සාකච්ඡාවකදි රණබාහු අමාත්‍යතුමියගෙන් දීර් මාධ්‍යට නොපැමිණෙන හේතුව ගැන නිවේදිකාවක විසින් ප්‍රශ්න කරන ලදි. එදිනද රණබාහු අමාත්යතුමියගෙ පිළිතුර වූයේ " මගේ පුතා දේශපාලනයට වගේම ප්‍රසිද්ධියටත් කැමති නෑ " යන්නය.
පැපරාසීන් ලබා ගත් ඡායාරූප කිහිපය ද එතරම් පැහැදිලි එවා නොවීය. එසේම දීර් ජාත්‍යන්තර ජාවාරම්කාරයින් හා ගණුදෙනු කිරීමේදි ඔහුගෙ රූපය වෙනස් කරගෙන යාමට පුරුදුව සිටියාය. එම ජාවාරම්කාරයින් ඔවුන්ව හමුවට එන පුද්ගලයාව හදුනනවා විනා ඒ දීර් විරුශික රණබාහු බවට ඔවුන් දන්නෙ නැත. ඒ හේතුව නිසාම දීර්ට මුහුණ දීමට තිබූ ප්‍රශ්න රැසකින්ම ඔහුගෙ ගැලවීම් මාර්ගය ඔහු විසින්ම සදාගෙන තිබුනෙ සැවොම පුදුමයට පත් කරමිනි.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...