💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 16 )
" මීට ඔයාගෙ තමුසේ..... "
පිස්සු කෙල්ලෙක්..
අකී ඒ ලියුමත් පපුවට තුරුලු කරගෙනම නින්දට වැටුනෙ දින ගණනක් පුරා හිත තුළ පීඩා දුන් වේදනාවන් එක් මොහොතකින් වාතලයට මුසු කරමින්.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
සරත් ඔයාට සුදු නෝනාගෙ වෙනසක් පෙන්නෙ නැද්ද....
රූපවාහිනීය ඉදිරියෙ හිදගෙන සිටින සීයාතාත්තා ආච්චිඅම්මා දෙස බැලුවෙ ඒ කතාවත් එක්ක.
මමත් බලාගෙන ටික දවසක ඉදන්...
ඕන්දු මාන්දු ගතියෙන් ඉන්නවා...
කෙල්ලට ආයෙ ප්‍රශ්නයක් ද දන්නෙත් නෑ....නෑ සරත් මම නම් හිතන්නෙ ඔය ජොබ් එකෙන් අයින් වුණ හිතේ අමාරුව....
හ්ම්.....
සුදු නෝනා ඔය ජොබ් එකෙන් ඈත් වෙලා ඉන්න තරමට හොදයි ඇනී...ඒක ඇත්ත සරත් ඒත්.. මේ කෙල්ල බලාගත් අතේ බලන් ඉන්න එක කොහොම ඉවසන්න ද....
මුලු ගේම දෙවනත් කරපු කෙල්ල අද මෙහෙම ඉද්දි මට නිකම් මොකක්දෝ වගේ සරත්....නරකද මේ ළමයව පිලිවෙලක් කරලා දුන්නොත්....
සරත් ඔයා කිවුවෙත් මගේ හිතේ තිබුණු දේමයි....
අපි එහෙනම් පුතාගෙනුත් අහලා හොද යෝජනා දෙක තුනක් බලමූ....ආච්චිඅම්මාත් සීයාතාත්තාත් මුහුනින් මුහුණ බලාගෙන සිනාසුනෙ කෑම මේසයට හිස හොවාගෙන සිටි ආශී දිහාට නෙත් යොමු කරමීනි. ආච්චිඅම්මාගේත් සීයාතාත්තාගේත් කතාව නෑසුන ආශී දබරැගිල්ලෙන් මේසය මත කුරුටු ගාමින් සිටියෙ සුසුම්ලමින්ය. ආශීට පිටුපසින් විත් ඇගිලි තුඩු වලින් එසවුන ලිෂාරා බලාගෙන සිටියෙ ආශී විසින් මේසය මත මවන රටාවේ තේරුම. ඇය කුමක් හෝ එකම වචනයක් සෑම තත්පරයකට සැරයක්ම මේසට මත අදින බව තේරුම්ගත් ලිෂාරා එය කියවා ගැනීමට උත්සහ කලා.
අ.... ක.......
මොකක්???ලිෂාරා හිස පිරිමැද්දේ ආශීගේ සටහන තේරුම්ගත නොහැකිව.
මොකක් වුණත් මං අල්ලගන්නම්කෝ අක්කේ ඔයාව....
මගේ අක්කව මෙහෙම අප්සට් එකේ තියන්න එසේමෙසේ කෙනෙකුට බෑ....
මස්සිනේ ඔයාව නම් මට හොයාගන්නම වෙනවා....
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...