Episode 04

1.2K 97 2
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 04 )

භාගී කැමරාවේ සටහන් වී තිබුණු අවසන් ඡායාරූපයට එබුනේ ආශී ද දෑස් විසල් කරගනිමින් ඒ දෙස බලා සිටින විටය. වැලි පොළව මත ලියන ලද වචනයක් ඡායාරූප ගත කලේ ආශී නොවන බව ඇයට හොදටම  විශ්වාසයි.

" YOU ARE LATE " ලෙස වැලි පොළව මත ලියන ලද එම වචනය තිබූ ඡායාරූපය දෙස බැලූ ආශීත් භාගීත් එකිනෙකා දෙස බැලුවේ පුදුමයෙන්.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

මයි ගෝඩ් ආශීයෝ...
කොහොමද ඉන්ටරෙස්ටින් අකීගේ  තරම...

ඒ කියන්නේ පොර කලින්ම දැනගෙන අපි ආයෙත් මෙතනට එනවා කියලා...

අපි නෙමෙයි වස්තුවේ උඹ....

ආශී කෙහෙරැලි ඇදගත්තෙ සිදුවන කිසිවක් තේරුම්ගත නොහැකිව.

හෙලෝ කියන්න සර්...

ඒ අතර තුර ලැබුණු ඇමතුමකට භාග්‍යා  පිළිතුරු දුන්නෙ සන්සුන්ව.

මොකක් ද... ආ... ඔව් සර් අපි මේ යන ගමන්...
හරි හරි සර්...
මොකක් ද සර්...
ආ.. මේ ආශීගේ ෆෝන් එකද...
මේ... සර් මේ... ආශී ඩ්‍රයිව් කරනගමන් නිසා  ආන්ස්වර් කරන්න නැතුව ඇති..
හරි සර් මං කියන්නම්....

භාග්‍යා බොරු දාහක් පමණ ගොතා අවසානයේ ඇමතුම විසන්ධි කලේ දිව එලියට දාගෙන හති දමමින්.

කෝ.. උඹේ ෆෝන් එක...

ඉණට අත තියාගෙන අහන භාගී දෙස ආශී බැලුවෙ හොරැහින්.

ඒක මං ඕෆ් කලා බං එපා වෙනවා...
ඊයේ රෑ ගෙදර එන්න පරක්කු වුණ නිසා ආච්චි සීයයි මතක් වෙන වෙන සැරෙට කෝල් කරලා බනිනවා...
හරි හරි එවලින් වැඩක් නෑ කවුද කතා කලෙ මහ එකාද...

මහ එකා නැතුව වෙන මොකෙක් ද....
ඔය මගුල ඔන් කරගනින් බන්.. කියලා කියලාම  මට දැන් අරුට කියන්න බොරු මතක් වෙන්නෙත් නෑ....

භාග්‍යාගේ එරවිල්ලෙ අවසානයක් නොමැති තැන ආශී දුරකථනය ක්‍රියාත්මක කර භාගීගේ මුහුණට පෑවේ සුපුරුදු දඟකාර සිනහවෙන් මුහුණ සරසගෙන.
ආශී දුරකථනය භාග්‍යාගෙ ඇස් මට්ටමටම ගෙනවිත් එහාට මෙහාට කරකවන විට ඇය ආශීව පිටුපසට සෙමින් තල්ලු කලේ එරවිල්ල අතහැර අපිරිමිත මිතුරු ප්‍රේමයකින්.

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now