Episode 12

950 84 2
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 12 )

" සේරම කරලා දැන් එනවා මෙතන මැසෙජ් කරන්න... ගොන් නරියෙක් "

ආශී හිතින් මුමුණමින් සිටි අතර ආශීගෙ අත දෙතොල් මතට ආවේ ඇයටත් හොරැහින්. දෙතොල් මත රැදි අත අනෙක් අතින් අල්ලා  පහතට කල ආශී පඩිපෙළ නැග්ගෙ ඇයගේම අතට දොස් පවරමින්.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

හේෂාන් බීර වීදුරුව  තොල ගාමින්ම බැලුවෙ අකී දිහා. ඒ වෙනකොටත් අකී වුන්නෙ වෙනම කල්පනාවක වැටිලා. බීර විදුරුවේ රවුම් කට වටේට මහපට ඇගිල්ල ගෙන යන අකී වෙනදාට නම් මේ වන විටත් බීර වීදුරු කිහිපයක්ම හිස් කරල අවසන්.

අඩේ අර ආශී නේද....

හේෂාන් එකවරම අකීගේ පිටට තට්ටු කරමින් කිවුවේ කලබ් එකට ඇතුලු වන දොරටුව දෙසට අත දිගු කරමින්. තත්පරයක පරක්කුවෙන් දොරටුව දෙස බැලූ අකීගේ ඇස් දිලිසෙමින් තිබුණ බව වෛයිවර්ණ විදුලි ආලෝක කදම්බ මැදින් වුවද හේෂාන් දුටුවා. හේෂාන් කියූ ලෙස ආශී එහි පැමිණ නැති බව තේරුම්ගත් අකීගේ මුහුණෙ තිබුණු උද්‍යෝගය පහව යන විට හේෂාන් මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ අකීගේ තරහව අවුස්සමින්. හේෂාන් වෙත රැවිල්ලකින් බැලුව අකී නැවතත් බීර වීදුරුව මතට ඔහුගෙ බැල්ම ස්ථානගත කලා.

මූගෙ තියෙන පැණිය යකෝ...

පලයන් යන්න....

හේෂාන්ගෙන් මුහුණ සගවාගෙන කතා කරන අකීගේ මුහුණෙ තිබුණු හිනාවෙ අර්ථය හේෂාන්ට තේරුම්ගන්න අමාරු වුනෙ නෑ.

අකීයා... උඹ හිතනවද මෙ දේවල් හරි කියලා...

උඹ මොනා ගැනද කතා කරන්නෙ....

අපි මෙ කරන දේවල් බන්...
වෙලාවකට බයත් හිතෙනවා බන් මේ දේවල්  නිසා අපිට ජිවිතෙ ගොඩක් දේවල් මඟහැරුණද කියලා...

මං උඹට කවදාවත් මාත් එක්ක ඉන්න කියලා නෑ හේෂ්...
උඹට ඔනෙම වෙලාවක මේ සෙල්ලමෙන් එළියට යන්න පුලුවන්...

උඹ දන්නවා අකී මං එහෙම කරන්නෙ නෑ කියලා....
යකෝ මැරුණත් අපි එකට ඉන්න ඔනෙ... උඹයි මායි අවිශ්කයයි... අපි යාළුවො නෙමෙ බන් සහෝදරයෝ....

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now