💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 45 )
" කියපන් අවී....
මොකක්..... මොනාද උඹ මේ කියන්නේ....
මං දැන්මම එනවා.... "
බොහෝ කලබලයෙන් ඇමතුම විසන්ධි කල අකීගේ අතින් ආශී අල්ලගත්තෙ කුමක් හෝ වරදක් සිදුව ඇති බව ඉවෙන් මෙන් තේරුන නිසා.
හේෂාන්ට වෙඩි වැදිලා....
ඌට අමාරුයි ලූ.....💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
තාත්තා එනකම්... ගෙදරින් එලියට බහින්න හිතන්නවත් එපා ආශී...
ආශීගේ ආරක්ෂාව වෙනුවෙන් කැප්ටන්ට නිවසට පැමිණෙන ලෙස පැවසු අකී ඇමතුම විසන්ධි කලෙ ආශී හටද නිවස තුළටම වී සිටින බවට අණ කරමින්. ආශීගේ නලළත මත හාදුවක් තැවරු අකී මෝටර් රථය අසල නතර වී බලා සිටියෙ ආශී දොරගුලු දමාගන්නා තුරුය.
පරිස්සමෙන් අකී........
පරිසරයෙන් පවා දැනුන මූසල බව නිසාම ආශී එහෙම කිවුවේ බිදුණු හඩින්. අකී හිස වනද්දි ආශී දොරගුලු ක්‍රියාත්මක කලා. අකීගේ මෝටර් රථය නිවසින් පිටව ගියෙ අධික වේගයෙන්. නපුරක් අතලග කියලා හිතට දැනෙන හැගීමත් එක්ක ආශී මුලුතැන්ගෙට යන්න තිබ්බෙ අඩි කිහිපයයි. නිවසෙ විදිලි සීනුව නාද වුනෙ අකීගේ මෝටර් රථය නිවසින් පිට වී විනාඩි කිහිපයක් ගත වූ තැන. කැප්ටන් පැමිණ ඇතැයි සිතමින් ආශී දොර වෙත පියමැන්නා.
තාත්ති ඔයා ද......
ආශී දොර මත කන් තියමින් ඇසුවෙ දොර විවර කිරීමට පෙර. නමුත් පිටතින් පිළිතුරු වෙනුවට ලැබුනෙ දිගින් දිගටම විදිලි සීනුව නාද වීම. පිටත සිටින්නෙ තාත්තා නොවන බව ආශීට ස්තීර වුනෙ පිළිතුරු වෙනුවට සීනුව පමණක් නාද වීම නිසා. ආශී වේගයෙන් හුස්ම ගනිමින් කුස මතට අත තියාගත්තෙ කුමක් කරන්නදෝ සිතමින්. නොනවත්වාම නාද වන විදුලි සීනුවේ හඩට ස්වර්ණා ද විසිත්ත කාමරය වෙත දිව ආවා.
ස්වර්ණා ආන්ටි ඉක්මනට ඔය ෆෝන් එක ගෙන්න....
මේසය මත තිබුණු දුරකථනය පෙන්නමින් ආශී කෑගැහුවේ බොහෝ කලබලයෙන්. ස්වර්ණා දුරකථනය රැගෙන එන මොහොත වන විටත් පිටත සිටි ඌන් දොර දෙසට වෙඩි තියන්න පටන්ගත්තෙ ආශී දොර අසලින් ඉවත්වන විට. ස්වර්ණා ගෙන ආ දුරකථනයෙන් අකීට ඇමතුමක් ලබා ගන්න සැරසෙත්ම දොර විවර වුනෙත් ඒ විවර වූ දොරින් පිරිසක් නිවසට ඇතුලු වුනෙත් එකවරම. මුහුණු ආවරණය කරගත් පිරිස ආශී වෙත පිස්ටලයන් ඉලක්ක කරන විට ආශීගේ හදගැස්ම බොහෝ වේගවත් වී තිබුණා. ගතවුනෙ එක් තප්පරයයි. ආශී වෙත ඉලක්ක වී තිබූ පිස්ටලයකින් මුදාහැරි උණ්ඩයක් ආශීගේ සිරුර පසාරු කලෙ ආශී කුස මත අත හොවාගෙනම ඇදගෙන වැටෙද්දි.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Acciónකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...