💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 18 )
ෂ්..... චූටී...
එයා වැඩිහිටියෙක් නේද හරියට කතා කරන්න....ආශී ලැජ්ජාවෙන් ඇබරෙමින් එහෙම කියද්දි හේෂාන් පිටතට බලාගත්තෙ එලියට පනින්න ආපු සිනහවක් බොහෝ අමාරුවෙන් මැඩගනිමින්.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
අක්කා දන්නෙ නෑ නේ වෙච්ච දේවල්...
මේ... මෙයා කියනවා... ඔයා එයාගෙ යාලුවව රැවෙට්ටුවලූ.... ඩබල් ගේම් ගැහැව්වලූ...ලිෂාරාගෙ අත දිගු වුනෙ අසරණව බලා සිටින හේෂාන් වෙතටය.
ආ.... එතකොට මං ද වැරදි...
ආශී ඔයාගෙ නංගි නම් මහ කපටි අම්මන්ඩියෙක්... ඔයාගෙ ෆෝන් එකෙන් කෝල් කරලා මාව මෙතෙන්ට ගෙන්න ගත්තා.... ඊට පස්සේ කියනවා මම ඔයාට තෑගී එව්වලූ....එහෙම කියද්දි නම් අකීත් මදක් ගැස්සෙනවා හේෂාන් බලාගෙන. හේෂාන්ගෙ ඒ වචන වලට ආශීගේ බැල්ම අකීගේ උවන මත නතර වුනෙ නිතරගයෙන්ම. ඔවුන්ගෙ ඒ බැල්මෙන්ම සිදුව ඇති දේ තේරුම්ගත් හේෂාන් නැවතත් හඩ අවදි කලෙ පෙරටත් වඩා උස්ව.
ආශී මෙයාට කියන්න... ඔයාට කවුද තෑගි එව්වේ කියලා.... කියන්න.... කියන්න....
නැත්නම් ඒ තොප්පියත් මගේ ඔලුවට වැටෙන්නේ....ආශී නිරුත්තරය. අකී ද රැවුල අග කරකවමින් පිටත බලාගත්තෙ එහි සිදුවන කිසිවක් නෑසෙන ගානින්.
අක්කා කතා කරන්න.....
ඔයා වැරදි නෑ කියලා මෙයාට කියන්න...
මෙයා කියනවා ඔයා එයාගෙ යාලුවට ආදරෙලූ.... හැබැයි එයාව රැවැට්ටුවලූ....
ඇත්තද අක්කා එවා....වට් අ නොන්සන්ස්.....
හේෂ් උඹ මේ දෙන්නා එක්ක ඔනේ මගුලක් කරගෙන වරෙන්... මම යනවා....වැඩේ වැරදෙන්න ඔන්න මෙන්න තියෙද්දි අකී හැදුවෙ එතනින් මාරු වෙලා ඇග බේරගන්න. ඒ වුනත් අකීට කලින් ඉස්සර වුණ හේෂ් ආයෙත් කෑගැසුවෙ ලිෂාරාට.
ලිෂාරා ඔයා ඔනවට වැඩී....
එයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එයාලා විසදගනී.... ඔයාට කිසිම අයිතියක් නෑ එයාලගෙ ප්‍රශ්න වලට මැදට පනින්න...හේෂාන් කිවුවේ අගක් මුලක් නොතේරෙන මහා අප්‍රබන්සයක්. අවස්ථාවට කිසිම සම්බන්ධයක් නැති මොනාදෝ කියවන් ගිය හේෂාන්ට ඔනෙ වුනෙ කොහොම හරි අකීව නවත්තගන්න.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...