💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 42 )
අනේ තාත්ති..... එයාට මොකද වුනේ කතා කරන්නකෝ....
ඇයි දෙයියනෙ කවුරුත් කතා කරන්නෙ නැත්තේ....ආශී මහ හයියෙන් හඩමින් කැප්ටන් දහනායකගෙ ශර්ටයෙන් ඇද්දෙ බොහෝ නොසන්සුන්ව. කැප්ටන් දහනායකගෙ ශර්ටය පුරාද ලේ බිංදු විසිර ඇති බව දුටු ආශී අඩියක් පිටුපසට තිබ්බේ තාත්තා දෙස පුදුමය පිරි බැල්මක් හෙලමින්.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
තාත්ති ඇයි මේ.....
කාගෙද මේ ලේ....දිගු හුස්මක් ගත්ත කැප්ටන් ආශීගේ දෙබාහුවෙන් අල්ලා සෝෆාවට බර කලෙ ඉළගට ඇය ළගින්ම අසුන් ගනිමින්. කැප්ටන් දහනායක සිදු වූ දේ විස්තර කරන විට ලිෂාරා කිහිප වරක්ම ඉහළ මාලය දෙස බැලුවෙ වේදනාවෙන්. කැප්ටන්ගෙ විස්තර කිරීම අතරමැද හේෂාන් ඒ සටනට සම්බන්ධ වූ ආකාරය විස්තර කරද්දි ලිෂාරා ඉහළ මාලයට දිව්වේ හේෂාන් ගැන සොයා බැලිමටය.
ඇයි අපිටම මෙහෙම වෙන්නෙ....
මම හිතුවේ ඒ ප්‍රශ්න සේරම ඉවර වුනා කියලා.... ඒත් එහෙම වෙලා නෑ....
දෙවියෝ අකීට මෙහෙම කරන එක නවත්තන්නෙ කවද්ද තාත්ති....අනේ තාත්ති ඔයාට තුවාලයක් නෑ නේද...
ආශී හඩමින්ම තාත්තාට තුවාල වී ඇත්දැයි පිරික්සන්නට වුණා. ආශීව නතර කල කැප්ටන් නැවතත් ඇයව පිය සෙනෙහසෙ උණුසුමට නතු කලෙ කැප්ටන් හට තවමත් පුංචි කෙල්ලෙකු වන ආශීගේ කදුළු බලාගෙන ඉන්න බැරි තැන
අඩන්න එපා සුදු නෝනා....
තාත්තා කෙනෙක් විදියට මගේ චුටි කෙල්ල දුක් විදිනවා බලන් ඉන්න පුලුවන්කමක් නෑ....
ඒ නිසා නවත්තන්න දෝණි දැන් ඇති....
දෙවියෝ ඔයාට අවස්ථාවක් දිලා තියෙන්නෙ අකීව මේ දෙවල් වලින් ඈත් කරන්න....
මට විශ්වාසයි දෝණි මේ සුභ ආරංචියත් එක්ක අකීල් වෙනස් වෙයි....කැප්ටන් දහනායක කතාව අවසානයෙ ආශීගේ කුස මතට අත තිබ්බෙ ආශීගේ ඇස් දිහා ලොකු විශ්වාසයකින් බලාගෙන. ආශී දැඩි අධිෂ්ඨානයකින් තම කුස මතට අත තිබ්බෙ අකීව කෙසේහෝ මේ අපායෙන් ගලවාගන්න බවට සපත කරමින්.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...