Episode 14

919 84 6
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 14 )

ආශී වුන්නෙ හොද මනසකින් නම් නෙමෙයි. ඒ නිසාම ඇය වැඩිදුර නොසිතාම ඇය අත දිගු කලෙ ඉදිරිපස දොර දෙසට. අකී කාමරයෙ සිට දිව ආවෙත් හේෂාන් අවසානයෙ දොර පිටුපසින් පිටතට ආවෙත් ආශී ගඩොල් කැටය ඉදිරියට විසි කලෙත් එකවරම.

ගඩොල් කැටය නළලතට වැදුණු හේෂාන් ඒ මොහොතේම බිම ඇදගෙන වැටුනේත් ආශීත් අකීත් දෑස් දල්වාගෙන ඒ දෙස මොහොතක් බලාසිටියෙත් එකම තත්පරයක.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

මොන මගුලක් ද මේ කලේ.....

අකී හේෂාන්ට ලං වෙන ගමන් කිවුවේ ආශී වෙත රැවුමකට ලග බැල්මකින්. ආශී මුව දෝතින් වසාගෙන දෑස් විසල් කරගෙන හිටි තැනම ගල් ගැසුනාක් මෙන් සිටියෙ සිදූ වූ දෙය විශ්වාස කරගත නොහැකිවය. අකීගේ ගෝරනාඩුව ඇසුන අවිශ්ක ද සාලයට පැමිණියෙ විමතියෙන්.

අඩේ හේෂා....
මොකද බන් වුනේ....

අවිශ්ක ඇහුවෙ හේෂාන්ගෙ නළලත පිරිමදිමින්. අකී ඇස් වලින් ආශීවත් හේෂාන් ලග වැටි තිබුණු ගලත් පෙන්නුවෙ අවිශ්කට සිදුව ඇති දේ නිර්ණය කරගන්න පහසුවට. මුවගින් පිටතට පනින්න දගලපු සිනහවක් අවිශ්ක පාලනය කරගත්තේ බැරෑරුම් බවක් මූණට නංවාගෙනය.

අල්ලපන් මූව...

අවිශ්කත් අකීත් එකතු වී හේෂාන්ව වත්තම් කරගෙන කාමරයට ගෙන යන විට ආශීත් ඒ පිටුපස වැටුනෙ ඇවිදගන්නට පුලුවන් වූ පළමු මොහොතේදීම. අවිශ්ක විසින් හේෂාන්ව පරික්ෂා කරන අතර තුර දොර අභියස කුමකින් කුමක් සිදු වේදෝ යැයි බියෙන් සිටගෙන සිටින ආශී වෙත අකීගේ බැල්ම රැදුනා. හේෂාන්ගෙ නලළත මත තිබුණු ආශීගේ බැල්මද අකීගේ බැල්ම හා සම වුනෙ අහම්බයෙන්.

වැඩේ ටිකක් සීරියස් වගේ...

අවිශ්ක කතා කලෙ ආශීගේ බිය දෙගුණ තෙගුණ කරමින්ය. ආශී හේෂාන් අවිශ්ක අකී යන තිදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවෙ බොහෝ නොසන්සුන්ව.

අනේ මම හිතලා කලෙ නෑ නේ....
මේ අකී තමයි වගකියන්න ඔනෙ.... ඇයි අප්පා... මං කතා කරද්දි ආව නම් ඔහොම වෙන්නෙ නෑ නේ....
අ... අකී... ඔයා තමයි වැරදි හරිද....

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now