Episode 37

779 64 1
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 37 )

අකීයටත් වැඩිය හොදට මම ඌව අදුරනවා....
මම දන්නවා පොර කොහෙද ගියෙ කියලා...
ඌව තනිකරන්න හොද නෑ මේ වෙලාවෙ...

හේෂාන් දිගු හුස්මක් ගනිමින්ම නැගිට සිටියෙ සාලය පුරා විසිරි තිබුණු වීදුරු කටු මත දෑස් රදවමින්. ආශී දෙස සමාව ඉල්ලන්න වගේ බැල්මකින් හේෂාන් බලද්දි ආශී මෘදුව සිනාසුනා. හේෂාන්ද ඩිෆෙන්ඩර් රථය අකීගේ මෝටර් රථය ගිය දිශාවටම ධාවනය කරන විට ආශී බලාගෙන වුන්නෙ ඔවුන්ගෙ මිත්‍රත්වයෙ බැදීම ගැන පුදුම වෙමින්.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

අළුයම එක ද පසු වී ඇති බව ආශී දුටුවේ බිත්ති ඔරලෝසුව මත ඇයගෙ බැල්ම නතර වන විට. රෝස පාට කම්මුල් පුරා විහිදුනු කදුළු ගලා ගිය පාරවල් දිගෙ ඇගිලි තුඩු යවමින් ඇය කල්පනා සයුරෙ ගිලෙමින් සිටියා. දොර අභියස කුඩා පඩිය මත සිදගෙන දණහිස මත නිකට හොවාගත් ආශී ගේට්ටුව දෙසට ඇයගෙ බැල්ම රදවාගත්තෙ කුමන හෝ මොහොතක අකීගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. ආශී ඔහුගෙ නිවසට පැමිණි දින සිට කිසිදු හේතුවක් මත හෝ අකී රාත්‍රිය නිවසින් පිට ගතනොකල නිසාම අකීගේ නැවත පැමිණිම ආශී ස්තීර කරගෙන සිටින්නට වුණා. ඒ නිසාම ඔහු නැවත එනතුරු ආශී කාලය ගැන හෝ නොසිතා පෙරමග බලා සිටින්නට වුනෙ හද තුළ බලාපොරොත්තු රැසක් ගොඩනගාගෙන.

අකීට ඔහුගෙ කේන්තිය නිසාම කරදරයක් වී ඇත්දෝයි ආශීගේ සිත දෙගිඩියාවෙන් පසුවන විට දැඩි  ආලෝක කදම්බයක් ආශීගේ මුහුණ මතට වැටෙද්දි ඇය අතින් ආලෝකය දෑස් මත නොවැටෙන ලෙසින්  ආවරණය කරගත්තා. ආශීගේ මුහුණ මතට වැටුණු ආලෝකය අකීගේ මෝටර් රථයෙ පහන් වලින් විහිදුනු ආලෝකය බව ආශී දැනගත්තෙ ඒ ආලෝකය සමගම ගේට්ටුවෙන් ඇතුලු වූ අකීගේ මෝටර් රථයේ ශබ්දයෙන්. ආශී ක්ෂනිකව සිටගත්තෙ හිත ඇතුලින් දැනුන සතුටක් ද එක්ක. අකී නම් ආඩම්බරකාර නපුරාට ඇයගෙන් තොර ලොවක් නැතිවා සේ කුමන හෝ මොහොතක ඇය සොයා පැමිනෙන බව ආශීට සක්සුදක් සේ විශ්වාස වූයේ ඒ මොහොතෙදි. ඒ විශ්වාසය ස්තීර කරමින් අකීගේ මෝටර් රථය පැමිණ ආශී ඉදිරියෙ නතර වුනෙ ඇයගෙ හිත සතුටින් ඉපිලෙන විට.  විනාඩි කිහිපයක් ගත වූ නමුත් නතර කල මෝටර් රථයෙන් අකී බැස ආවෙ නැති තැන ආශී කුතුහලයෙන් මෝටර් රථය වෙත පියමනින්නට වුණා.

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now