Episode 46

776 57 1
                                    

💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤

කොටස... ( 46 )

සිස්ටර්.... මොකද වුනෙ....

ඩොක්ටර් පේෂන්ගෙ හාට් රේට් එක නතර වුණා.....

අවිශ්ක තව මොහොතක් හෝ නොහිද හේෂාන් වෙත දිව යද්දි අකීට තවදුරටත් හුස්ම ගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. හේෂාන්ගෙ දොරෙහි වූ විදුරු කවුලුව වැසෙන සේ කර්ට්න් එක ඇද්ද හෙදිය අකී වෙත හෙලුවෙ තව දුරටත්  හේෂාන් දෙස බලන්න අවස්ථාවක් නෑ කියන බැල්මක්. කර්ට්න් එක වැහෙද්දි අකී දුටුවේ  වෛද්‍යවරුන් හේෂාන්ගෙ ජිවිතය රැකගන්න දැඩි සටනක නියැලෙමින් සිටි අයුරු. හේෂාන්ගෙ මෙන්ම ආශීගේ දොරෙහි ද වීදුරු කවුලුව නොපෙනෙන සේ තිරරෙදි යොදා තිබුනෙ අකීට ජීවත් වුණා ඇති කියලා හිතෙද්දි.

💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝

ආශී මෙන්ම හේෂාන් මෙ මොහොතෙ සිටින තත්වයට වගකිවයුතු තමන්ම යැයි අකී සිතන්නට වුණා. අකී ආරම්භ කල මිෂන් එක අතරමගදි අතහැර දැමීමේ වරදට ඔහු ඔනාවටත් වඩා වන්දිගෙවන බව ඔහු වටහගත්තෙ ආශිගෙත් හේෂාන්ගෙත් තත්වය එන්න එන්නම බරපල වෙන විට. දීර්ට නිතියෙන් දඩුවම් දෙන්න ගත් තීරණය වැරදි කියලා හිතෙන්න අකීට ලොකු වෙලාවක් ගත වුනේ නෑ. දෑත් මිටිමොලවමින් දැඩි තීරණයකට එලැබි අකී හේෂාන්ගෙ ශල්‍යාගාරයෙ දොර මතට අත තිබ්බෙ සෙමින් මොනවදෝ මුමුණමින්මයි.

හේෂ්..... හැමදාටම උඹ මගේ සහෝදරයා.... ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ...
හේෂාන් නැත්නම් අද අකී කෙනෙකුත් නෑ...
උඹට තරම් මාව තේරුම්ගන්න ආශීටවත් බෑ මචං.... අන්න ඒ නිසා අපි ආයෙත් ඉක්මනින් හම්බෙමූ සහෝදරයා.....
මෙහෙදි බැරි වුනොත් එහෙදි හරි....

අන්තිම වචන කියද්දි අකී දොරට  අතින් පහරක් එල්ල කලෙ සද්දෙට. දිගු හුස්මක් ගත්ත අකී ඊළගට නතරවුනෙ ආශීගේ දොර ඉස්සරහ. අකී දොර දිහා විනාඩි ගණනක් ඔහෙ බලාගෙන වුන්නෙ වචන අමුනගන්නත් නොහැකිව.

ආශී.... මට සමාවෙන්න....
ඔයාට වුන පොරොන්දුව මට තවත් රැකගන්න බෑ....
ඩොක්ටර්ස්ලා කියනවා අපේ ගුල්ලූ ගැන කිසිම හෝප් එකක් තියාගන්න එපා ලූ...
ඉතිං ආශී ගුල්ලුගෙ නමින් මම දිවුරපු පොරොන්දුව තවදුරටත් පොරොන්දුවක් නෙමේ....
ඒ පොරොන්දුව අපේ ගුල්ලුත් එක්කම යන්න  යයි....
දෙවියෝ අපිට සැනසීමක් දෙන්නෙ නැත්නම් ආශී... ඒ සැනසීම ඔයාලට ගෙනත් දෙන එක මගේ වගකීමක්....
ගුල්ලූ වෙනුවෙන් මං මගේ මිෂන් එක අතැරියා.... ඒත් අද ආයෙත් අපේ ගුල්ලූ වෙනුවෙන් මගේ ආදරෙ වෙනුවෙන් මගේ යාලුවා වෙනුවෙන් මං මිෂන් එක ඉවරයක් කරනවා....

අකී (I'm in Love with a Criminal)Where stories live. Discover now