💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 47 )
😭 අවසන් කොටස 😭
ගුඩ් බායි දීර්.....
අවසන් තුන්වෙනි තත්පරයෙදි අකී දීර්ගේ අතින්ම පිස්ටලය ක්‍රියාත්මක කලෙ දීර්ගේ හිස පසාරුකරමින් උණ්ඩය කිදාබසින විට. ඒත් සමගම ක්‍රියාත්මක වූ ගෝලබාලයින් අකී වෙත වෙඩි වරුසාවක් මුදාගන්නට වූ අතර ඒ තත්පරයෙම විශාල පිපිරුම් හඩක් සමගින් බෝට්ටුව පුපුරා ගියෙ කිසිවෙකුටත් සිතන්නටවත් කාලයක් ඉතිරි නොකර.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
අක්කා...... අක්කා.......
ලිෂාරා මුලු ගේම දෙවනත් කරමින් ආශීව හෙව්වත් ආශීව නම් හම්බවුනේ නෑ. කැප්ටන් දහනායක බොහොම සැපපහසුවට සෝෆාවට වෙලා පත්තරයක් කියවමින් සිටියෙ ලිෂාරාගෙ ඇස් අහම්බයෙන් කැප්ටන් අසල නතර වෙද්දි. රැවුමකට ලග බැල්මකින් ලිෂාරා කැප්ටන් ඉදිරියෙ සිටගත්තෙ ඉණට අත් තියාගෙන. ලිෂාරා තමන් ඉදිරියෙ සිටගත් බව දැනුන කැප්ටන් හිස එසවූයේ ලිෂාරාගෙන් බැනුම් අහන්න වෙන බව දැනගෙනම.
ඔයා අදත් පත්තර කියවනවද තාත්ති......
දෙයියනෙ තව කොච්චර වැඩ තියෙනව ද... මේ ගෙදර මට විතර ද මේ ගැන ගානක් තියෙන්නේ.....
තාත්ති මං හොදින් අහන්නේ.... ඔයා ලැස්ති වෙනවද නැද්ද......පත්තරය පසෙකින් තිබූ කැප්ටන් ලිෂාරාගෙ අතින් ඇදලා ඔහු ලගින්ම ඉන්දවාගත්තෙ ඇස් වලින් හිනා වෙවි.
කාල්ම් ඩවුන් චුටි නෝනා....
මට මෙක කියන්නකෝ.... අද දවස කාටද වැඩියෙන්ම ස්පෙෂල්...අක්කට නේ......
ලිෂාරා කිවුවේ ඔනාවට එපාවට.
ඔව් හරි අක්කට තමයි.... දැන් එතකොට කෝ ආශී.......
ආශී අඩුම තරමෙ ගෙදරවත් නෑ....
අනිත් එක චුටි නෝනා අපිට තව වෙලාව තියෙනවා නේ.. ඇයි මේ කලබල වෙන්නේ......අක්කාව තමයි මං මෙච්චර වෙලා හෙව්වේ...
එයාට නම් මේ ගැන කිසිම ගානක් නෑ තාත්ති.......කලබල වෙන්න එපා චුටි නෝනා....
හැමදාම වගේ ආශී අදත් සෙමෙට්ට්රි එකට යන්න ඇති......
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...