💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 24 )
ආ......ශින්සනා..............
ආශී ගැස්සුනෙ කාමරයෙ දොර අසලින් ඇසුනු හඩට. ක්ෂනිකව දොර දෙසට බැල්ම හැරවූ ආශීගේ දෑස් විසල් වූයේ දෑත් ද වෙවුලන විටය.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
සීයා......
ආශී දොර වෙතට අඩිය තිබුයෙ බොහෝ බියගත් සොබාවයකින්. සීයාතාත්තාගේ හඩින් දෑස් විවර කල අකී සීයා දෙසත් ආශී දෙසත් බලන්නට වුනෙ කිසිවක් තේරුම්ගත නොහැකිව.
" සීයා මම මේ.... "
ආශීට කියලා ඉවර කරන්නට අවස්ථාවක් ලැබුනෙ නෑ. තමන් ඉදිරියෙ සිටගෙන සිටින මුරණ්ඩු මිණිබිරියට කම්මුල් පහරක් එල්ල කිරීමට සීයා දෙවරක් නොසිතුවාය. සීයාතාත්තාගේ ශක්තිමත් අත්ලෙන් පහර කෑ ආශී පිටුපසට තල්ලු වී ගොස් නොවැටි සිටියෙ අකී ඇයව වත්තම් කරගත් නිසාවෙනි. කම්මුල මත අත හොවාගෙනම කෙලින් සිටගත් ආශී සීයා වෙත හැරෙන්නට විය.
සීයා ප්ලීස්......
කිසිවක්ම නොපවසා රවාගත් මුහුණින්ම ඉදිරියට පැමිණි සීයා ආශීගේ අතින් ඇදගෙන පහළට යන විට අකීට එයට විරුද්ධ වීමට අවස්ථාවක් ලැබුනෙ නෑ. ආශී හැඩු කදුලින්ම සීයාතාත්තාගේ පිටුපසින් ඇදී ගියෙ අඩියෙන් අඩිය දුරස් වන අකීගේ මුහුණ දිහාම බලාගෙන. ඒ මොහොතේ අකී කිසිවක් තේරුම්ගත නොහැකිව බොහෝ අසරණව බලා සිටින්නට වුණා.
අකීගේ නිවසින් පිටව ආ ආශී වාහනය තුළදී සීයාතාත්තාට කිසිවක් නොපවසා සිටීමට වගබලාගත්තා. සීයාද බොහෝ වේගයෙන් වාහනය නිවසට ධාවනය කලෙ හුස්මක්වත් නොගෙන.
තම නිවසේම සිරකාරියක වන්නට නැවතත් ආශීට සිදු වුණා. මෙවර වඩාත් උපක්‍රමශීලී වූ සීයා බැල්කනියෙ දොරෙහිද යතුර ඔහුගෙ බාරයට ගන්නට විය. එතැනින් නොනැවතී ආශීගේ දුරකථනය හා පරිඝණකයද ඇයගෙන් ඈත් කර තියන්නට තරම් සීයා මෙවර දැඩි තීරණයක එළැඹ සිටියාය.
ආශීගේ විරුද්ධත්වය සතේකට මායිම් නොකල සීයා ඔහුට අවශ්‍ය පරිදි ඇයව සිරගත කරන විට ආශීට ඉතිරි වූයෙ මහ හයියෙන් කෑගසමින් හැඩීම පමණයි. කෙතරම් ශබ්දයකින් හැඩුවේද එහිද ඵලයක් නොමැති තැන ආශී ඇදට වැටුනෙ බොහෝ හෙම්බත් වෙලාය. බෙඩ් කබඩය මත වූ කැමරාව අතට ගත් ආශී එහි තිබූ අකීගේ ඡායාරූප එකින් එක බලන්න ගත්තෙ හිත සැහැල්ලු කරගැනීමට උත්සහයක යෙදෙමිනි.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...