💝 #..අකී.. 💝
❤ හීනයත් ප්‍රේමයක් වෙලා ❤කොටස... ( 32 )
ලිෂාරා කාමරයෙන් පිට වූ පසු දොර වසාගත් ආශී මුහුණ දෝත තුළ සිරකරගෙන හඩන්නට වුණා.
විනාඩි කිහිපයකට පසු බැල්කනියෙ වීදුරු දොර අනවසරයෙන්ම විවර වන විට ආශීගේ බැල්ම බැල්කනිය දෙසට යන්නට වුණා. විවර වූ දොරින් කලබලයෙන් ඇතුලු වූ මුහුණ ආවරණය කරගත් හැඩිදැඩි පුරුෂයෙකු ආශීට හිතන්නවත් කාලය ඉතිරි නොකර ඇයගෙ මුහුණට ක්ලෝරෆෝම් යෙදු රෙදි කැබැල්ලක් ඇල්ලුවේ ඇය සිහිසුන්ව ඔහුගෙ අත් වලටම වැටෙන විටය.
💝🔥🔥💝🔥🔥💝🔥🔥💝🔥🔥💝
චූටි.... අක්කව එක්කගෙන එන්න....
ලිෂාරාට ආශීව කැදවාගෙන ඒමේ වගකීම පැවරුනෙ විවාහ ගිවිසගැනීම සදහා සියල්ල සුදානම් වූ පසුයි. තරූන් තද නිල් පැහැති කෝට් කිට් එකකින් සැරසි රෙජිස්ටාර්වරයා ඉදිරියෙ අසුන්ගෙන සිටි අතර ඔහුගෙ මිතුරන්යැයි කියාගත් දීර්ගේ ගෝලබාලයින් පිරිසක් ද විසිත්ත කාමරය පුරා ඇවිදිමින් සිටියා. තරූන්ගෙ අම්මාත් තාත්තාත් සහා ඔහුගෙ මිතුරන් කිහිප දෙනෙක් මෙන්ම ගිවිසගැනීම සදහා ආශීගේ පවුලේ ලගම ඥාතීන් කිහිප දෙනෙක් ද සහභාගි වී සිටියා.ඔවුන් සැවොම දෑස් දල්වාගෙන බලා සිටියෙ සුන්දර මනමාලිය ආශී පැමිණෙන තුරුය.
ලිෂාරා ඉහළ මාලයට නැගුනෙ යම් නොසන්සුන් බවකිනි. කිසිදු තැකීමකින් තොරව ආශීගේ කාමරයට ගිය ලිෂාරාට දක්නට ලැබුනෙ ආශී කාමරය තුළ නොමැති බවයි. ලිෂාරා මේ වන විට කලබල වියයුතු නමුත් ඇයගෙ මුහුණට සිනහවක් ඇදුනෙ උතුරා යන සතුටකිනි. ලිෂාරා බැල්කනිය වෙත දිව ගොස් පහළ මාර්ගය දෙස බලන්නට වූයේ කවුරුන්ව හෝ සොයාගැනීමට මෙනි. ඇය සොයනා දේ හමු නොවුවද ලිෂාරා සැනසුම් සුසුමක් හෙලුවෙ ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන.
" අකී අයියගෙ වෙහිකල් එක පෙන්න නෑ.... ඒ කියන්නේ මගේ අක්කා දැන් සේෆ්... ලිෂාරා දැන් ඔයාගෙ වාරේ... ලෙට්ස් බිගැන් බේබී... "
තනියම එහෙම කියපු ලිෂාරා සගවාගෙන සිටි ලියුම පිටතට ගෙන පහළ මහලයට දුවගෙන ආවේ බොහෝ කලබලයෙන් මෙනි. ආච්චිඅම්මා ඒ වන විට තරූන්ගෙ මව සමඟ පිළිසැදැල්ලක සිටි අතර සීයාතාත්තා රෙජිස්ටාර්වරයා සමග කුමක් හෝ කතාවක නිරතවෙන්නට විය. කලබලයෙන්ම ආච්චිඅම්මා වෙත දිව ගිය ලිෂාරා පළමු තත්පර කිහිපය කතා කරගැනීමට පවා නොහැකි තරම් කලබල වී ඇති බව පෙන්වන්නට විය.
YOU ARE READING
අකී (I'm in Love with a Criminal)
Actionකටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නා...