" ඒයි කොච්චි කරල... ඔය කරච්චලේ නවත්තගන්නවකෝ"
" පුළුවන් නම් නවත්තලා පෙන්නනවකො බලන්න ... මෝඩ පිටසක්වලයො "
"යාහ් කොච්චි කරල තමුසෙට මම........ කොහෙද දුවන්නේ ඔහොම ඉන්නවා"
"ඕනනම් අල්ලගන්නවා😂 පිටසක්වලයො "
පාන්දරම ලස්සන හීනයක් බල බල නිදන් ඉද්දි මට එකපාරට ඇහුනේ....
🌺 : යාහ් ඔන්නී..... නැගිටපිය පරක්කු වෙනවා... යකෝ අද කොලේජ් යන්න තියනවා ... උබ අදත් හීනෙන් අර සිහින කුමාරයව බලනවද ආහ්...නැගිටපිය කිව්වම...
🌼: නිදාගන්න දීපන්කො
🌺: dream boy ව හීනෙන් බලන්න නෙවෙයි යකෝ නැගිටපන්... අලුත් කොලේජ් එකට යන්න ඕන... අරෝ ඔන්නි ලෑස්ති වෙලත් ඉවරයි .. ඔයා තාම නිදි...
🌼: එතකොට අනිත් උන් දෙන්නා... උන් දෙන්නත් නිදිද...
🌺: අනී😒 යොන්ශියා ආරා ඔන්නිව නැගිට්ටවලා ලෑස්ති කරන්න යැව්වා .. මෙහෙ එනවා ඉක්මනට .. පලවෙනි දවසෙම පරක්කු වෙන්න බෑ...
🌼: හරි වදේ ... එන්නම් මන්...
ඔයාලා බලනවා ඇති නේ මේ මොකක්ද කියලා... ඉන්නකෝ මන් කියන්න ..
මම park sun-hee ... මේ අවුරුද්දෙන් මම sclගිහින් ඉවරයි 😝 හොද results තිබ්බත් යුනී යන්න මට ආසාවක් නෑ... නංගීලා ටික බලාගන්න ඕන.. දැන් ටිකකට කලින් ඇවිල්ලා ටිංකිරි වොයිස් එකෙන් කෑගහලා ගියෙ වෙන කවුරුත් නෙවෙයි මගෙ princess .. මගෙ නංගී ... සෙමී.... තව තුන්දෙනෙක් ඉන්නවා... මගෙම නොවුනත් මගෙ වගේ....
සෙමියා දැන් ටිකකට කලින් කියපු සිහින කුමාරයා කවුද කියලා කිව්වොත්... ඇත්තටම එයා කවුද කියලා මම දන්නෙත් නෑ... කාලයක් තිස්සේ මට එයාව හීනෙන් පේනවා... ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද කියලාවත් මම දන්නෑ... ගොඩක් වෙලාවට මම දකින්නේ මම එයත් එක්කන් එකට කාලේ ගෙවපුවා... එයා ඇත්තටම ... අහ්... අනේමන්දා ... හීනෙන් උනත් එයා හිනාවෙද්දී මට පිස්සු වගේ... එයාට ලස්සන boxy smile එකක් තියනවා ... ඒත් මන් ඇයි එකපාරක්වත් එයාගේ නම කියලා කතාකලේ නැත්තේ....
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...