taehyung කොහෙ හරි යන්න ලෑස්ති වෙලා පල්ලෙහට්ට දුවගෙන ඇවිල්ලා හතර වටේම බැලුවෙ ගෙදර කවුරුත් නැද්ද කියලා.. පේන්නවත් නෑ.... බැරිම තැන කොල්ලා... 😌
🐯:- යුංගි හියුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්
ගාලා හයියෙන් බෙරිහන් දුන්නේ kitchen එකට වෙලා milkshake එකක් හදන්න හිතාගෙන strawberry ටිකක් blende කර කර හිටපු ජින්.... ටේගේ කෑගැහිල්ල ඇහුන පාර blend උන strawberry ටිකත් ඔලුවෙ ඉදන් ඇග පුරා හලාගනිද්දී.... ඒ මදිවට... ටේට ගහන්න කියලා මේසෙ උඩ තිබුනු හැන්දක් අතට ගනිද්දි අතේ ගෑවුනු strawberry ටිකට හැන්ද ලිස්සලා ගිහින් බිම වැටුනට පස්සේ... හැන්ද ගන්න නැවෙද්දිම මේසෙ උඩ තිබුනු පිටි එක ආයෙම ජින්ගෙ ඔලුවෙ හැලිලා සර්වාංගෙම පිටි වලින් නෑවිලා යද්දි... කොහෙද ඉදන් ටේගාවට දුවන් ගියපු යුංගි
🐱:- මොකද යකෝ තෝ බෙරිහන් දෙන්නේ .. තව පොඩ්ඩෙන් පඩිපෙල පල්ලේ බින...
🐯:- ඉතින් කවුරුත් හිටියේ නැති හින්දනේ කෑගැහුවෙ
🐱:- ඇයි අනිත් උන් උබ කාමරෙන් එලියට ආවම වැදලා පිලිගන්න ඕනෙද
🐯:- එහෙම නෙවෙයි හියුන් ඉතින් මේ
🐱:- එහෙම නෙවෙයි නම් කොහොමද
🐹:- කොහොමද කියලා මන් ඕකට කියලා දෙන්නම්
දෙන්නා පිටිපස්ස බැලුවේ පිටිපස්සෙන් ජින්ගෙ ටිංකිරි ටෝන් එක ඇහුන හින්දා... පිටිපස්ස හැරෙද්දිම හැන්දකුත් අතේ පිටි නාගෙන බලන් ඉදපු ජින්ව දැක්ක පාර
🐯:- බුදුඅම්මෝ මෝහිනී.... ඔම්මා..... මාව බේරගන්නකෝ..... හුවෑ..... ඔම්මගෙ චූටි පුතාගේ ජීවිතේ මෝහිනීට පුදන්න බැරියෝ....
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...