- 01 -

2.8K 213 4
                                    

සෙහංස POV ;

°
°

" සෙහංස.. කොහෙද යන්න හදන්නෙ ? "

" මාළිගාවට.. "

" මාළිගාවට.. දැන් මාළිගාවට ගිහින් හරියනවද සෙහංස ? අද බංඩාර වලව්වෙන් මෙහෙ එනවා කියලා දන්නෙ නැද්ද ? "

" දන්නවා.. ඒ උනාට එයාලා එන්නෙ මාව බලන්න නෙමෙයිනෙ අම්මා.. අනික මම එයාලා එන්න කලින් එන්නම්.. "

" ඔයාව බලන්නනම් නෙමෙයි තමයි එන්නෙ ඒත් ඒ මිනිස්සු එන්නෙ ඔයාගෙ පොඩි නංගිගෙ කසාදෙ ගැන කතා කරන්න.. අයියා විදිහට ඔයා එතන ඉන්න ඕනෙ.. "

" හරි අම්මා.. මම ඉක්මනට එන්නම්.. "

කළු කලිසමට සුදු අත් දිග ෂර්ට් එකක් ඇදගත්ත මම ෂර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නවන ගමන් මගේ කාමරෙන් එලියට එද්දි කුස්සිය පැත්තෙ ඉදන් එන ගමන් හිටපු අම්මා ඇහුවෙ මගෙ අතට කිරි එකක් දෙන ගමන්. තවම උදේ නවයවත් නොවුනත් දිසානායක වලව්වෙ තිබුනෙ පුදුම කලබලයක්. මොකද අනුලා මැණිකෙගෙ පොඩි දුව විශාඛා දිසානායකගෙ කසාදෙ ගැන කතා කරන්න අද බංඩාර වලව්වෙන් මෙහෙ එනවා.

බංඩාර වලව්වෙ මැනිකෙ උන විනීතා මැණිකෙයි දිසානායක වලව්වෙ මැනිකෙ උන අනුලා මැණිකෙයි කියන්නෙ පොඩි කාලෙ ඉදලාම හොඳම යාළුවො. ඉතින් එයාලට ඕනෙකමක් තිබුනා ඒ යාළුකම වෙනුවෙන් එයාලාගෙ දරුවො දෙන්නෙක් විවාහ කරලා දෙන්න. බංඩාර වලව්වට හිටියෙ පුතාලම දෙන්නනෙක් නිසා මට එහෙන් කසාදයක් කර ගන්නෙ නැතුව බේරෙන්න පුලුවන් වුණා. එහෙම නොවුනනම් අද නංගිගෙ වෙනුවට මගෙ කසාදෙ තීන්දු වෙන්න තිබ්බා. ඉතින් දිසානායක වලව්වෙ බාල දුව උන විශාඛා දිසානායක , බංඩාර වලව්වෙ දෙවෙනි පුතා උන අයාන් බංඩාරට විවාහ කරලා දෙන්න තීන්දු වෙන්නෙ එහෙම.

මගේ පැත්තෙන් කියනවනම් මම මේ කසාදෙට පොඩිමවත් කැමැත්තක් තිබ්බෙ නැහැ. විශාඛාත් හිටියෙ මේ කසාදෙට කැමැත්තකින් නෙමෙයි කියන්න මම හොඳටම දන්නවා.

හිස් කිරි වීදුරුව මම අම්මා අතින් තියද්දි එයා ආපහු කුස්සියට ගියෙ ලා කහ පාට ඔසරියෙ පොටත් ගස්සගෙන. ඔය ගැස්සිලි පැද්දිලි , එරවිලි ගෙරවිලි මට සාමාන්‍ය දේවල් වෙලා තිබ්බෙ ඕවා අදක ඊයෙක ඉදන් වෙන දේවල් නොවුන නිසයි. ඉතින් ඒවා ගනන් නොගෙන මම මගේ කාර් එක ගාවට යනකොට මම දැක්කෙ විශාඛා වත්ත පහල ඉදන් මූණ පිහිද පිහිද වලව්ව පැත්තට දුවගෙන එනවා. කාර් එකට වැහිලා හිටපු නිසා මාව නොදැකපු නංගි ඒ ගමන්ම වලව්ව ඇතුලට යන්න යද්දි මම එයාට කතා කලේ මගේ හිතේ පොඩි සැකයක් මතු වුණ නිසා.

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now