ඇරපු ජනේලෙන් ආපු හීනි හුළඟක් උඩු වියන් බැඳපු ඇදේ ඇඳ විට්ටමට පිට දීලා හිටපු මගෙ ඇගෙත් වැඳීගෙන පාවෙලා ගියා.මටත් ඒ හුළං රළ වගෙ වෙන්න තිබ්බනම් කියලා හිතුනා.ඒත් එහෙම කරන්න බෑනෙ මට බලාගන්න අය ඉන්නවා.මං වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා.අනිවාර්යයෙන්ම දවසක අපි දෙන්නටම ඒ හුළං රළ වගෙ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් දවසක් උදා වෙයි.
වලව්වෙ අද එකම කාලගෝට්ටියක්.මගෙ කසාදෙ කතා කරන්න එන දුනුවිලලව පිළිගන්න වලව්වෙ හැම කෙනාම අද උදේ ඉදලාම ලෑස්ති වෙනවා.ඒත් මම තාම ඇඳ උඩ.
" සෙහංස ලෑස්ති උනේ නැද්ද තාම ? ඉක්මන් කරපන්.. අර මිනිස්සු මඟ එනවත් ඇති.. "
අම්මාගෙ කෑ ගැහිල්ල කාමරේ දොර ගාවින් ඇහැද්දි ටවල් එක අතට ගත්ත මම බාතෲම් එකට ගියා.පැයක් විතර බාතෲම් එකේ හිටපු මම කිසිම හදිස්සියක් නැතුව මගෙ කාමරේට ඇවිත් දොර වහ ගනිද්දි මට ඇහුනා වත්තෙ කාර් එකක් නවත්තනවා.මම හිතන්නෙ අපේ අමුත්තො ආවා.
සාලෙ කට්ටිය කතා කරනවා ඇහෙද්දි ඇඳුමක් දා ගත්ත මමත් සලෙට ගිහින් අම්මගෙ එහා පැත්තෙන් වාඩි උනේ දුනුවිල වලව්වෙ අයට හිනාවක් දෙන ගමන්.දුනුවිල මහ හාමු , දුනුවිල මැණිකෙ එක්ක මගෙ අනාගත මැණිකෙත් ඇවිත් හිටියා.අම්මා කිව්ව විදිහටනම් එයාගෙ නම සාරන්‍යා.මාව දැකපු ගමන් සාරන්‍යා මැණිකෙ හොඳට පීරලා තිබ්බ කොණ්ඩෙ බොරුවට කන පිටිපස්සට කරන ගමන් මූණ රතු කරන් පොඩි හිනාවක් මට දුන්නා.මම ඒක දැක්කත් නොදැක්ක ගානට හිටියා.
" ඉතින් මේ දවස් වල වැඩ කොහොමද සෙහංස පුතා ? "
" වැඩනම් ටිකක් වැඩියි දුනුවිල මාමා.. "
" ඒ මොකද පුතා ? අනික මෙච්චර දේපලක් තියන් බොරුවටනෙ පුතා ඔය අනුන්ගෙ නඩු අහ අහ මහන්සි වෙන්නෙ.. නැද්ද දිසානායක මැණිකෙ ? "
" අනේ ඒකනම් ඇත්ත දුනුවිල හාමු.. කොහෙද ඉතින් මෙයාට මේ නිකන් ඉන්න බැරුවටනෙ.. "
" කොච්චර දේපලක් තිබ්බත් හාමු මට ගෙදරට වෙලා නිකමෙක් වගේ ඉන්න හිත දෙන්නෙ නෑනෙ.. අනික ගෙදරම ඉන්න ගියාම කම්මැලියිත්නෙ.. "
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfiction" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...