06

1.2K 174 3
                                    

ඇසිපිය ගහන පමාවට දේශ්ගෙ අවුරුද්දෙ උපන් දිනේ දවස උදා වුණා.දේශ් අපෙ පවුලෙ පළවෙනි පිරිමි ළමයා.පවුලෙ අය ඔක්කොම එකට එකතුවෙලා හිටියා දේශ්ගෙ උපන් දිනය සමරන්න.

ඉරුගල්බංඩාර වලව්වෙන් මහ හාමු , මහ මැණිකෙ වගේම යශ්මිකගෙ මල්ලි සස්මික එයාගෙ මැණිකෙයි දුවයි එක්ක ඇවිත් හිටියා.අපෙත් අම්මගෙ පැත්තෙ මහ හාමුලයි මහ මැණිකෙලයිත් අම්මාගෙ අප්පච්චිගෙ සහෝදරිය සහෝදරියොත් එයාලගෙ පවුල් එක්ක ඇවිත් හිටියා.

හරිම ලස්සනට වගේම චාම්ව උපන් දින පාටිය කෙරුණා.නිල් සුදු මිශ්‍ර වුනු එකේ ඉලක්කමක් විදිහට හදපු කේක් එක යශෝධයි යශ්මිකයි දේශ්ගෙ අතින් අල්ලන් කැපුවා.ආපු හැමෝම කේක් , කිරිබත් , කැවුම් තව හදලා තිබ්බ එක එක ජාතිවල කැවිලිත් කාලා දවල්ටත් කෑම කාලා‍යි ආපහු තම තමන්ගෙ වලව් වලට යන්න ගියෙ.

දේශ්ගෙ උපන්දිනෙන් පස්සෙ ආයෙමත් සුපුරුදු කාලසටහනට අනුව ගෙදර හැමෝම තම තමන්ගෙ වැඩ වලට කාලය වෙන් කරලා තිබ්බා.

කැම්පස් වැඩ එක්ක කාර්යබහුල වෙලා ඉද්දි ටික ටික විශාඛාගෙ හිත හැදෙයි කියලා මම හිතුවා.හිතුව විදිහටම එයා එයාගෙ බිඳුණු හිත හදා ගන්න ගමන් ඉන්නවා කියලා දවසක් එයා එක්ක කතා කරපු වෙලාවක මට තේරුම් ගියා.

ඔහොම නොදැනිම මාස පහක කාලයක් ගත වුනා.ඒ අතරෙ මට අර මල් විකුණපු කොල්ලා එක්ක ටික ටික සම්බන්දතාවයක් ගොඩ නගා ගන්න පුලුවන් වුනා.මම හිතන්නෙ යශ්මික කිව්වා වගේ අවුරුදු විසි හතක්ම සිල් රැක්ක මගෙ සීලෙ එයා බිදලා.

අවුරුදු විසි දෙකක ඒ කොල්ලා ලියාන් මින්දීර්.අම්මාගෙ අප්පච්චිගෙ අතර වුණ ප්‍රශ්ණයක් නිසා එයාගෙ අප්පච්චි වෙන ගැහැණු කෙනෙක් එක්ක ගිහින් තිබ්බා.අඩු වයසින් කසාද බැඳලා තිබ්බ නිසා වැඩි වයසක් නොතිබිච්ච එයාගෙ අම්මත් වෙන පිරිමි කෙනෙක් එක්ක ගිහින් තිබ්බෙ එයාව එයාගෙ අත්තම්මා එක්ක තනි කරලා.අවුරුදු දහයක පුංචි කොල්ලෙක්ගෙ වගකීම එයාගෙ අත්තම්මා පිට පැටවිලා තිබ්බා.අවුරුදු අසූපහක් වෙනකම්ම දරුවො වෙනුවෙන් වගේම දරුවොන්ගෙ දරුවො වෙනුවෙනුත් තමන්ගෙ ජීවිතේ දිය කරපු අත්තම්මා මේ වෙනකොට අඩි හයක් යට අවුරුදු අසූපහක ජීවිතයෙ මහන්සිය නිවා ගන්න ගමන් හිටියා.

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now