35

565 82 7
                                    

පැටියා එක්ක ගෙවෙන ජීවිතෙ හරිම වෙහෙසකරයි.දීරුත් හොස්පිට්ල් යන්න අරන් වැඩි කාලයක් නැති නිසා එයාට ඒ වැඩයි පැටියගෙ වැඩයි දෙකම බලන්න අමාරුයි.මමත් නඩු වලට එහෙ මෙහෙ දුවනවා.වැඩත් එක්ක අපි දෙන්නම එකට ගෙදර රැදෙන කාලය පොඩ්ඩක් අඩු වුණා.ඉතින් ඒ ප්‍රශ්ණ එක්ක පොඩ්ඩාගෙ ගොඩක් දේවල් වලට අම්මා උදව් කළා.ඒ වගේම දරුවො හතරක් වදපු බිසොත් ඒවට හවුල් වුණා.ඒක අපි දෙන්නටම ලොකු සහනයක් වුණා.

කොහොමත් මේ අපේ පළවෙනි දරුවා වගේම මීට කලින් මෙහෙම දරුවෙක් බලාගෙන ලොකුවට අත්දැකීමක් අපි දෙන්නටම නොතිබුණ නිසාත් දරුවා එක්ක ගණුදෙනු කරද්දි අපි දෙන්නට ගොඩක් ප්‍රශ්ණවලට මුහුණ දෙන්න වුණා.ඒත් ඒ හැමතැනදිම අම්මා අපේ උදව්වට හිටියා.

ඉතින් ඔය හැමදේම එක්ක කාලය ගතවෙලා ගියෙ අදට අපෙ චූටි අභිට මාස පහක් පිරෙද්දි.අභි කියන්නෙ වචනයෙ පරිසමාප්තියෙන්ම දඟ මල්ලක්.චූටියි කියලා නැහැ කොල්ලගෙ පුදුම දැගලිල්ලක් තියෙන්නෙ.

අද අපි දෙන්නටම පොඩි නිවාඩුවක් ලැබුණා.පොඩියි කිව්වෙ මොකද උදේ දීර් හොස්පිට්ල් ගිහින් ආවෙ.ඉතින් මේ වෙනකොට දවල් දෙකෙ කණිසමත් පහු වෙලා.

දීර් කුස්සියට වෙලා පුංචි දඟයට කිරි හදනවා.දිසානායක වලව්වෙ අභි වෙනුවෙන් වෙන් උන කාමරෙ පුංචි තොටිල්ලෙ අත පය එහෙ මෙහෙ කර කර ඉන්න පැටියා දිහා මම බලාගෙන ඉන්නවා.

" අප්පච්චිගෙ දඟයා.. අන්න දීර් අප්පච්චි මගෙ පුතාට කුක්කු ගෙනල්ලා.. "

" සුදු මහත්තයා.. කෝ මගෙ කොල්ලා.. ආ මේ ඉන්නෙ.. "

" දෙන්න වස්තුව මම පොවන්නම්.. "

" හා.. "

මගෙ අතට කිරි බෝතලය දුන්න එයා මගෙ එහා පැත්තෙන් වාඩි වුණා.

" මොකො මොකො මේ.. අප්පච්චිව දැක්කා විතරයි දාංගලෙ තව වැඩි වුණා.. "

කලින්ට වඩා අතපය ගහන , හිනාවෙන ,ඇඟිලි කටේ දා ගන්න හදන අභිගෙ චූටි කම්මුලක් හෙමීට මිරිකන ගමන් දීර් ඇහුවා.ඇත්ත තමයි දීර්ගෙ ජායාවක් දැක්කත් ඇති කොල්ලාගෙ දැඟලිල්ල තව වැඩි වෙනවා.

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now