මගෙම අතින් නෙළපු තනි සුදු මල් වට්ටියට මම පැන් ටිකක් ඉස්සා.ඊට පස්සෙ පහන් පැළ ගාවට ගියපු මම ඒ හැමදේම පිලිවෙළට තියලා පහන පත්තු කරා.අත් දෙක වැඳ ගත්ත මම ගාථා කියලා බුදු හාමුදුරුවන්ට මල් පහන් පූජ කරලා අවසානෙ මගෙ කොල්ලව අදවත් නැඟිට්ටවන්න කියලා ඉල්ලුවා.
පොසොන් මාසෙත් පටන් අරන් මේ යන්නෙ දෙවෙනි සතිය.මෙ වෙද්දි මගෙ වස්තුව මාස තුනක් තිස්සෙ සැනසීමෙන් නිදාගෙන ඉන්නවා.හැබැයි මගෙ සැනසීම හොරු අරන් ගිහින්.ඉතින් මේ මාස තුනටම උදේ හවස පහන් පැළේ පහන පත්තු වෙන හැමපාරකම මම ඉල්ලුවෙ අදවත් එයාව නැඟිට්ටවන්න කියන එක විතරයි.ඒත් එයා තාම නිදි.
දීර්ව අයි.සී.යූ. එකෙන් රූම් එකට දාලා මාස දෙකක් වෙනවා.ඉතින් මේ මාස දෙක මාරුවෙන් මාරුවට මමයි යශ්මිකයි සස්මිකයි දීර් ගාව හිටියා.හැබැයි ඒකත් යශ්මිකයි සස්මිකයි මට නොවදිනා වැඳුම් වැදලයි මාව යවා ගන්නෙ.
මම කොහොමනම් එයාව දාලා ගිහින් සැනසීමෙ නිදා ගන්නද ? එයාට සිහිය ඇවිත් ඇද්ද කියන දේ එයාව මගෙ ඇස් වලට අහු නොවන පළවෙනි තත්පරේ ඉදන්ම මට හිතෙන දෙයක්.මම එයා ගාව නැති වෙලාවක එයට සිහිය ඇවිත් මාව හොයයි කියන සිතුවිල්ල මාව එයා ගාවින් එක විනාඩියකට ඈතට නොයවන තැනට වැඩ කරා.ඒත් යශ්මිකගෙනුයි සස්මිකගෙනුයි මට බේරෙන්න උනේ නැහැ.එයාලා කොහොම හරි දවසකටවත් මාව වලව්වට එව්වා.
මේ වෙද්දි මගෙ ජීවිතේ ඇතුලෙ වෙන්නෙ එකම දේවල් ටිකක් විතරයි.මම මුළු මාසෙම දීර් එක්ක හොස්පිට්ල් එකේ ඉන්නවා වගේම දවසක් දෙකක් වලව්වෙ ඉන්නවා.හැබැයි හොස්පිට්ල් එකේ හිටියත් වලව්වෙ හිටියත් අදටත් මගෙ ඇස් වල ඕන වෙලාවක කඳුළු පටලයක් බැඳිලා තිබ්බා.
මම ගොඩක් වෙලාවට ඉන්නෙ හොස්පිට්ල් එකේ නිසා යශ්මිකලා අපෙ වලව්වට ඇවිත් නැවතුණා.හැබැයි විශාඛාටනම් එන්න පුලුවන් උනේ දවස් දෙක තුනයි.කොහොමත් අපි ගැන පහැදීමක් නොතිබුණ උඩුරාවණලා විශාඛා උනත් වැඩිය මෙහෙ යනවා එනවට කැමති උනෙ නැහැ.
ඉතින් අදත් යශ්මිකලා එහෙම මාව මගෙ දීර් ගාවින් එලවපු දවසක්.ඇත්තටම මාව යවනවා කියනවට වඩා එයාලා මාව එලවනවා කියන එක තමයි එතෙන්ට ගොඩක්ම ගැලපෙන්නෙ.
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfiction" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...