හොටෙල් එකට ආපු අපි වොශ් එකක් වගේම ඩිනර් එකත් අරගත්තා.ඊට පස්සෙ මගෙ දීර්ට ඕනෙ උනා රාත්‍රී පැරිස් නුවර බලන්න යන්න.ඉතින් අපි කට්ටියම ආයෙමත් හොටෙල් එකෙන් එලියට ගියා.
" දැන් එතකොට ඔය දෙන්නා හනිමූන් යන්නෙ නැද්ද ? "
" අපිට එහෙම අමුතුවෙන් යන්න කියලා දෙයක් නැ යශ්මික අයියෙ.. නේද අයියෙ ? "
" ම්ම්.. "
" මොකක් ? ඒ කියන්නෙ බඳින්න කලින්ම හනිමූන් ගියාද ? "
" ඕ.. "
" අම්මෝ සෙහංස අයියෙ.. මෙයා ඉන්න විදිහට අපිනම් හිතුවෙ ඔයාට වර්ජින් පිටම පොලවට පස් වෙන්න වෙයි කියලා මල්ලියො.. "
" එහෙම කොහොමද කරන්නෙ අයියෙ ? අපරාදෙනෙ නිකන් පොලවට පස් කරන එක.. "
" ඒකනෙ.. ඒකනෙ.. "
යශ්මිකයි සස්මිකයි එක්ක දීර්ගෙ කතාව අහගෙන ආපු මගෙ නම් මේ වෙද්දි කන් දෙකෙන් දුම් දානවා වගෙ.ඒ උනාට මේ කොල්ලටනම් කිසි ගානක් නැහැ.ඔහේ කියවනවා.
ඉතින් ඔය විදිහට එක එක විකාර කතා මැද රැයෙන් භාගයක් අපි ඇවිද්දා.මේ වෙනකොට ඇවිදලාම මගෙ නම් කකුල් දෙකත් පණ නැති වෙලා තිබ්බෙ.ඒත් මගෙ දීර්ට නම් උදේ වෙනකම් හරි ඇවිදින්න පුලුවන්කම තිබුනා.
" ඔයා දැන් වයසයි අයියෙ.. "
" මගෙන් ගුටි නොකා ඕක ගාන්න දීර්.. ආව්.. ආව්.. හිමීට.. "
" තව මොන හිමින්ද අයියෙ ? "
මම හිටියෙ ඇඳේ නිදාගෙන.මගෙ දීර් මගෙ කකුල් දෙක බාම් එකක් ගානවා.
" අනිත් දවසෙ කොහෙ හරි යද්දි මම ඔයාව වඩාගෙන යන්නද අපෙ මහත්තයා ? "
" දීර්.. "
" හරි හරි ඉතින්.. කෑ ගහන්න එපා.. "
මාව විහිළුවකට අරන් ඉන්න දීර් අහද්දි මම ටිකක් සද්දෙන් එයාගෙ නම කිව්වා.ඒ උනත් එයාගෙ කතා වලට මටත් හිනා යනවා.
ඔය විදිහට ඒ දවසත් ගෙවෙද්දි අපිට ආපහු ලංකාවට යන්න වෙලාව ආවා.උදේ දහයට අපිට ෆ්ලයිට් එක තිබ්බෙ.ඉතින් මේ වෙද්දිත් අපි ඉන්නෙ ප්ලේන් එකේ.
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfiction" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...