39

452 74 5
                                    

මම හිතන්නෙ මම විනාඩි කිහිපයක්ම ඒ මනුස්සයා දිහා බලන් හිටියා.මට දැනුනෙ එක පාරම මගෙ මුළු ඇගේම ක්‍රියාකාරිත්වය නැවතුනා වගෙ.කොටින්ම මේ වෙද්දි මගෙ උගුර කට පවා වේලිලා ගිහින් තිබ්බා.

ඒ මනුස්සයා දිහා බලන් හිටපු මම එහෙම්ම බැලුවෙ දුව දිහා.මේ මුකුත් නොදන්න පුංචි කෙල්ල හිනාවෙවී පාන් කෑල්ල කනවා.එයාට එක අංශු මාත්‍රෙකවත් දැනීමක් නැහැ ඊළඟ වෙන්න යන දේ ගැන.

" මම එන්නම්.. හැබැයි මගෙ දරුවා ? "

" චූටි මැණිකෙවත් අපි පරිස්සමට අරන් යමු.. එහෙම හොඳයිනෙ නේද පොඩි හාමු ? "

කාර් එක ඇතුලෙම විනාඩි ගානක් මම කල්පනාවට වැටුණා.මේ වෙලාවෙ පැනලා යනවා කියන එක කොහෙත්ම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒකෙන් අපි දෙන්නගෙම ජීවිත අනතුරෙ වැටෙන්න පුලුවන්.අනික මේ මනුස්සයගෙ ශරීර කූඩුවත් එක්ක මට හැප්පෙන්න බැහැ.

' අනෙ අයියෙ.. මම දැන් මොකද කරන්නෙ ? ඉන්න තැනකින් එන්නකො.. '

මගෙ හිත එයාට කතා කරනවා.ඒත් එයාට ඇහෙන්නෙ නැහැ කියන්න මම දන්නවා.

අන්තිමට මම කාර් එකෙන් එලියට ආවා.ඒ එන ඒමටම මගෙ ඔළුව පිටිපස්සට දැනුනෙ කියාගන්න බැරි වේදනාවක් එක්ක තෙතක්.මගෙ පිටිපස්සෙන් හිටපු කෙනෙක් මගෙ ඔළුවට ගහලා තිබුණා.ඒ වෙලාවෙයි මට තේරුණේ ඉස්සරහින් විතරක් නෙමෙයි අපිට පිටිපස්සෙනුත් තව කාර් එකක් ඇවිත් කියලා.හිතේ තිබ්බ නොසන්සුනකමත් එක්ක මට ඒක පෙනිලා නැහැ.

ඇස් නිලංකාර වෙන ගමන් මාව සිහි නැති වේගෙන එද්දි මට ඇහුණා අපෙ චූටි මැණිකෙ අඩනවා.අනෙ මුන් මගෙ කෙල්ලට මොනා කරලද ?

" අ..යියෙ.. "

අන්තිම පාරට මගෙ කටෙන් පිට උනෙ ඒ වචනය.මගෙ එකම ආදරේ වගේම එකම ආරක්ශකයා.එහෙම්මම මම මහ පොළවට ඇඳගෙන වැටෙද්දි මගෙ සිහිය සම්පූර්ණයෙන්ම මගෙන් ඈතට ගියා.

එතනින් එහාට වෙච්ච කෙරිච්ච කිසි දෙයක් මට මතක තිබ්බෙ නැහැ.මම ආයෙත් හරි සිහියට ආවෙ මූණට වැදිච්ච වතුර පාරක් නිසා.

" පොඩි හාමු , දැන් නැඟිටින්න.. ඔය මදිද නිදා ගත්තා ? "

" ම්හ්ම්.. "

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now