හවස පහ වෙනකොට මමයි දීරුයි හිටියෙ වලව්වෙ ඉස්තෝප්පුවෙ.එයාගෙත් මගෙත් අත් එකට පැටලිලා තිබුණා.දීර්ගෙ අත සීතල වෙලා.
" දීර්.. බයවෙන්න එපා හරිද ? අයියා ඉන්නවනෙ.. "
" මැණිකෙ මාව එලව ගනීද ? "
" මම ඉද්දි කොහොමද එහෙම කරන්නෙ ? විකාර හිතලා හිත කලබල කර ගන්න එපා වස්තුව.. එන්න යමු.. "
" ම්ම්.. "
වලව්ව ඇතුළට දීර්ව එක්කන් ආපු මම එයාට පුටුවකින් ඉදගන්න කියලා අම්මගෙ කාමරේට ගියා.කාමරේට ගියත් අම්මා කාමරේ නොවෙද්දි මම කුස්සියට ගියා.අම්මා බිසෝ එක්ක කුස්සියෙ මොනවද උයනවා.
" අම්මා.. "
" අහ්.. සෙහංස.. "
" අම්මා සාලෙට එනවද ? අපිට අමුත්තෙක් ඉන්නවා.. "
" කවුද පුතෙ ? "
" දීර්.. "
" අහ්.. ඒ දරුවා ආවද ? මම එන්නම්.. සෙහංස යන්න.. "
" හරි අම්මා.. "
මම කුස්සියෙන් සාලෙට එද්දි දීර් එයාගෙ ලා දුඹුරු පාට ඇස් මුළු වලව්ව පුරාම ගෙනියනවා.මාව දැක්ක ගමන් එයාගෙ මූණෙ හිනාවක් ඇඳුනා.
" වලව්ව ලස්සනද ? "
" ම්ම්.. ගොඩක් ලස්සනයි.. ඒක නෙමෙයි අර ෆොටෝ වල ඉන්නෙ කවුද ? "
දකුණු පැත්තෙ බිත්තෙ එල්ලලා තියන ෆොටෝ කීපය පෙන්නලා දීර් අහද්දි මම එයාට ඒ ගැන පැහැදිලි කරන්න ගියත් එතකොටම අම්මා සාලෙට ඇවිත් අපිට ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා.
" අම්මා මේ දීර්.. "
" ම්ම්.. මේ දරුවා දැන් මොනාද කරන්නෙ ? කෝ දෙමව්පියො එහෙම ? "
" මගෙ දෙමව්පියොනම් නැ මැණිකෙ.. මම පොඩි කාලෙ එයාලා මාව අත්තම්මා ගාව දාලා ගියා.. මම දන්නෙ නැ දැන් එයාලා අඩුම ජීවත් වෙනවද කියලවත්.. "
" ම්ම්.. "
" මම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා.. ජානුල් අයියගෙ පිහිටෙන්.. "
" ඒ කිව්වෙ ? "
" මම කලින් අත්තම්මා එක්ක මාළිගාව ගාව මල් විකුණුවා.. එතනදි තමා මට ජානුල් අයියව හම්බ උනේ.. එතනින් පස්සෙ එයාගෙ සම්පූර්ණ වියදමින් තමා මම ඒලෙවල් කරලා කැම්පස් ගියෙ.. ඉතින් ජානුල් අයියට පිං සිද්ද වෙන්න තව අවුරුදු කීපෙකින් මම හරියටම ඩොක්ටර් කෙනෙක්.. "
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfiction" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...