08

912 155 2
                                    

" හෙලෝ ජානුල් අයියෙ.. "

" වස්තුව , මම මේ කෝල් එකක් ගන්න හැදුවෙ.. "

දීර් පන්ති යන්න පටන් අරන් කාලය ගෙවිලා ගියෙ අලුත් අවුරුද්දකට අත වනන ගමන්.අද දෙසැම්බර් තිස් එක අලුත් අවුරුද්ද ලබන්න තව ඉතුරු වෙලා තිබ්බෙ විනාඩි කීපයක් විතරයි.ඉතින් දීර්ට කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක අතට ගන්නකොටම එයාගෙන් කෝල් එකක් එද්දි මම මගේ කාමරේට ඇවිත් දොර වහගත්තා.

" අහ්.. මොකද කරන්නෙ ඉතින් ඔයා ? "

" විශේෂයක් නැ වස්තුව.. අලුත් නඩුවෙ වැඩ වගේක හිටියෙ.. "

" ම්ම්.. මාත් මේ පාඩම් කරන ගමන්.. "

" හොඳයි හොඳයි.. ඒවා කරගන්න.. අලුත් අවුරුද්දක් ලැබුවා නේද වස්තුව.. මේ අවුරුද්දෙ මගේ මැණිකෙ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. "

" අයියත් කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනෙ.. මට මේ කරන උදව් වල හැටියට අයියට කොහොමත් වරදින් නැහැ.. "

" වස්තුව කියනවනම් එහෙම වෙයි.. අයියා ආදරෙයි.. "

" මාත් ආදරෙයි.. "

කෝල් එකේ වචන දෙක තුනක් කතා කරන්නත් කලින් අලුත් අවුරුද්දට පළවෙනි දවස උදා වුනා.සාලෙ තියෙන බට්ටා ඔරලෝසුවෙන් දොළහෙ කනිසම වදිනවා එක්කම මේ අවුරුද්දෙ මගෙ පළවෙනිම සුභ පැතුම එයා වෙනුවෙන් වෙන් වුනා.කොහොම හරි අවුරුදු විසි අටක් වෙනකම්ම මට ඉන්න උනා අවුරුද්දක් ලබද්දි මම ආදරෙ කරන කෙනාට සුභ පතන්න.

දුරුතු මාසෙ පළවෙනි සතිය ගෙවිලා ගියෙ ගොඩක් සාමකාමීව.ඒත් ඒ සාමකාමීත්වයම මෙච්චර කලබලකාරි වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ.

මට කොළඹ යන්න උන නඩුව ඉවර වෙලා මම ටික කාලයක් නඩු භාර ගන්නෙ නැතුව ඉදලා භාර ගත්ත දෙවෙනි නඩුව මේක.ඉතින් ඒ අලුත් නඩුවෙ වැඩකට උසාවියට ඇවිත් හිටපු මට අම්මගෙන් කෝල් එකක් එද්දි මම හිටියෙ ෆයිල් ගොඩකට යටවෙලා.පරණ කේස් එකක් ආයෙ ඇදලා තිබ්බ නිසා මට ඒ පරණ වාර්තා බලන්න උනා.

" හෙ-.. "

" අනේ පුතේ.. අප්පච්චි අසනීප උනා.. "

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now