12

831 132 6
                                    

" ඉස්සර කාලෙනම් ඉදලා තියනවා අඩු කුලේ පිරිමි එක්ක සම්බන්දකම් තියා ගත්ත මැණිකෙලා.. ඒ දේවල් වලව්වල අනිත් අය දැන ගත්තාම ඒ මැණිකෙලාට උනේ මැණිකෙ පට්ටම අතෑරලා අර අඩු කුලේ උන් එක්කම යන්න.. සමහර මැණිකෙලාවනම් වලව්වෙ අය මරපු තැනුත් තියනවා.. අපේ පරම්පරාවලනම් කිසිම හාමු කෙනෙක්වත් මැණිකෙ කෙනෙක්වත් වලව්වකින් පිට පෙළවහක් කර ගත්තෙ නැ.. මගෙ ලොකු දූ දීග ගියෙත් ඉරුගල්බංඩාර කෙනෙක් එක්ක.. පොඩි එකියි මෙයයි තමයි තාමත් මෙහෙම ඉන්නෙ.. මෙයාටත් බොහොම ඉක්මනට මැණිකෙ කෙනෙක් කතා කරන්න ඕනෙ.. තව කොච්චර කල් මෙහෙම ඉන්නද ? "

අසනීපෙන් හිටියත් වලව්කාරකම ඉහට ගහපු අම්මා දීර් ඉන්න තැන අපේ පරම්පරා ගැන , වලව්කාරයොන්ගෙ හයිරන්කාරකම් , වලව්කාරයොත් එක්ක අඩුකුලේ අය සම්බන්ධකම් පවත්වන්න ගිහින් එයාලට උන දේවල් වගේ දේවල් ගොඩක් ගැන කතා කරන්න ගත්තා.ඒ ඔක්කොම අහගෙන හිටියත් අම්මා අන්තිමට කිව්ව මගේ කසාදෙ ගැන දේවල් නිසා ඇස් වල කඳුළු පුරවන් එයා මගේ දිහා බැලුවා.ඒ ලා දුඹුරු පාට ඇස් වල කඳුළු දැකපු මගෙ ඉවසීමේ සීමාව පනින්න ගියෙ තත්පරයකටත් වඩා අඩු කාලයක්.

" අම්මා.. මම එනකොටම කිව්වා ඔය දේවල් ගැන කතා කරන්න එපා කියලා.. ඔයාට මම කියන එක තේරෙන්නෙ නැද්ද ? අනික මට ගෑණු ඕන නැ කියලා ඔයාට කී පාරක් කියන්න ඕනෙද ? "

" ගෑණියෙක් ගන්නෙ නැතුව උබ මොනා කරන්නද ? දරුවෙක් හදාගෙන පිලිවෙළක් වෙන්න බැරි ඇයි උබට ? අනික ඇයි මම මේවා කතා නොකර ඉන්න ඕනෙ.. මම කිව්වෙ මෙයාට ඒ දේවල් දැන ගන්න.. අනික මෙයත් අඩු කුලේනෙ.. "

" එයාට ඕවා දැන ගන්න ඕනෙ නෑ අම්මා.. "

අම්මාට තව තේරුම් කරලා වැඩක් නැහැ කියලා තේරුන මම එහෙම්ම හැරුනෙ දීර්ගෙ පැත්තට.

" දීර්.. ඔයා කාලා ඉවරනම් රූම් එකට යන්න.. "

හිමීට ඔළුව දෙපැත්තට කරපු එයා රූම් එකට යන්න ගියෙ අම්මයි මාමයි හොටෙල් එකේ පහළ කෑම ගන්න තැන තනි වෙද්දි.පැයක් දෙකක් විතර නිදා ගත්ත අපි වොශ් එකකුත් අරන්ම කෑම ගන්න පහළට ආවෙ අම්මටත් කතා කරන්මයි.

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now