10

928 141 6
                                    

අප්පච්චිගෙ මරණය මම හිතන්නෙ අපි හැමෝගෙම ජීවිත කණපිට ගහන්න මුල් වුන සිදුවීමක්.මෙච්චර කාලයක් අපිත් එක්ක හොඳින් හිටපු අප්පච්චිගෙ නංගි එහෙමත් නැත්තම් මගෙ පුංචි අපිට විරුද්ධ වෙන්න පටන් අරන් තිබුනා.මේ දේවල් නිසයි පුංචි අම්මා එක්ක ඉස්සර ඉදන්ම හිටියෙ හිත හොඳින් නෙමෙයි කියන්න අපිට දැන ගන්න ලැබුණෙ.අප්පච්චිගෙ මරණෙට වගකියන්න ඕනෙ අම්මා කියලා පුංචිගෙන් චෝදනා එන්න පටන් ගන්නවත් එක්ක අප්පච්චිගෙ මරණෙන් මානසිකව කඩා වැටිලා හිටපු අම්මා මේ බොරු චෝදනා එක්ක තවත් මානසිකව වැටුනා.

" අම්මා.. මම එන්නද ? "

" අහ්.. අහ්.. සෙහංස එන්න.. "

අප්පච්චිගෙ මරණෙත් එක්ක අම්මා අපි හැමෝගෙන්ම ටික ටික දුරස් වුනා.දවස තිස්සෙම අම්මගෙයි අප්පච්චිගෙයි කාමරේට වෙලා ඇරුන ජනේලෙන් එලිය බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නත් , අප්පච්චිගෙ ෆොටෝ එකක් එක්ක කතා කර කර ඉන්නත් අම්මා දැන් දැන් පුරුදු වෙලා.දැනුත් කාමරේට වෙලා වෙන ලෝකෙක ඉන්න අම්මා හම්බවෙන්න කාමරේ ඇතුලට යන්න මම දෙතුන් ගමනක්ම දොරට තට්ටු කරත් අම්මාට ඒ ගැන ගානක් උනේ නැහැ.අන්තිමට මම අම්මට කතා කරන කල්ම අම්මාට මගේ ගැන අවධානයක් තිබ්බෙ නැහැ.

" අම්මා අනිද්දා අපි කොළඹ යන්න ඕනෙ.. දවස් දෙකක් විතර ඉන්න තියන නිසා අම්මා ගෙනියන්න ඕනෙ ඒවා ලෑස්ති කරගන්න.. "

" ඇයි පුතේ හදිස්සියෙම ? "

" එහෙම නැහැ.. ගිහින් එමු.. අම්මා බඩු ලෑස්ති කරගන්න.. "

" විශාඛා එතකොට ? "

" එයාට කැම්පස්නෙ අම්මා.. "

" ම්ම්.. "

අම්මාගෙ මානසික මට්ටමටත් එක්ක තවත් එයාව මෙහෙම තියාගන්න මගේ හිත ඉඩ නොදෙද්දි එයාට නොකියම මම කොළඹ ඉන්න හොඳ මනෝවෛද්‍යවරියක් ගාවට අම්මාව එක්ක යන්න තීරණය කලා.

වින්ද්‍යා නංගිගෙ අක්කගෙ බැජ්මේට් කෙනෙක් උන ඒ ඩොක්ටර් ගැන මට කිව්වෙත් වින්ද්‍යාමයි.ඉතින් මම තීරණය කලා එයා ගාවට අම්මාව එක්කම් යන්න.

අම්මාට කතා කරලා එහෙම්ම මගේ කාමරේට ආපු මම දීර්ට කෝල් එකක් ගත්තා.

White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now